×

චීනයේ කොවිඩ් එන්නත් ජාවාරමක් – ඖෂධ වෙනුවට සේලයින් විකුණලා

කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිපදවූ බව කියමින්, අලෙවි කිරීමට සකස් කළ ව්‍යාජ එන්නත් තොගයක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිස් බළධාරීන් පියවර ගෙන තිබෙනවා.


සිදුකළ වැටලීම්වලදී ව්‍යාජ එන්නත් 3000 ක් සමග පුද්ගලයන් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල ව්‍යාජ එන්නත්වල අඩංගු වී තිබෙන්නේ සේලයින් බවයි චීන සෞඛ්‍ය බළධාරීන් අනාවරණය කරගෙන තිබෙන්නේ.

මෙම පුද්ගලයන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මෙම ජාවාරම සිදුකර තිබෙනවා.

මෙම ජාවාරම බීජිං අගනුවර ඇතුළු චීනයේ ප්‍රදේශ කිහිපයක සිදුකර ඇති අතර බීජිං, ෂැන්ඩොං ඇතුළු නගර කිහිපයකින් ව්‍යාජ එන්නත් හමු වී තිබෙනවා.

මෙම එන්නත් විදෙස් රටවලටද අලෙවි කිරීමට ජාවාරම්කරුවන් සූදානමින් සිටි බවයි සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි