×

‘කැන්සිනෝ‘ සමග පාකිස්ථානය වයස 19ට වැඩි සියලු දෙනාට වැක්සිනය ලබාදීමට සූදානම්

පාකිස්ථානය මේ වන විට වයස අවුරුදු 19 ට වැඩි සියලු දෙනාට වැක්සීන ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. එහි මූලික ලියාපදිංචිවීමේ කටයුතු ඇරඹී තිබේ.


පාකිස්ථානයේ වසංගත මර්දනයේ යෝධ පියවරක් ලෙස සැලකෙන මෙම සන්ධිස්ථානයට පැමිණීමට හැකි වූයේ වැක්සින් නිෂ්පාදනය සිය රට තුළ සිදුකිරීමට හැකි වීම නිසා බව ද පාකිස්ථානය පවසයි.

තනි මාත්‍රාවක් සෑහෙන ‘කැන්සිනෝ‘

එන්නත් මාත්‍රා 2 ක් ලබාදීම වෙනුවට තනි එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදීම සෑහෙන ‘කැන්සිනෝ‘ වැක්සිනය (CanSino vaccine ) මේ වන විටත් පාකිස්ථානය තුළ නිපදවීමේ කටයුතු අරඹා ඇත. මෙම තනිමාත්‍රා වැක්සිනය චීනයේ සොයාගැනීමකි.

මේ වන විට මෙහි එන්නත් මාත්‍රා 120,000 ක් ඔවුන් විසින් නිපදවා ඇත.

පාකිස්ථානයේ මේ වන විට කෝවිඩ් පොසිටිව් තත්වයේ 4,686 ක් පමණ සිටින අතර, දෛනික මරණ සංඛ්‍යාව ඇතැම් අවස්ථාවලදී 60 ඉක්මවා යයි.

මේ අනුව දේශීය වැක්සින සැලැස්ම හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවීමට පාකිස්ථාන සෞඛ්‍ය බලධාරීහු උත්සුක වී සිටිති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි