×

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් අවදානම නැවතත් ඉහළට – මෙල්බර්න් නගරය සති 06 කට ලොක්ඩවුන්

මෙතෙක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 8755 ක් වන අතර පුද්ගලයන් 106 දෙනෙකු මියගොස් තිබේ.


ඕස්ට්‍රේලියාව තුළ කොවිඩ් වෛරසයේ බලපෑම යළිත් ඉහළ ගොස් තිබෙනවා. එරට තුළ අවදානම ක්‍රමයෙන් පහළ යමින් තිබියදී පසුගිය සතියක කාලය තුළ නැවතත් ආසාදිතයන් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

අවසන් දින 10 ක කාලය තුළදී හමු වී ඇති නව ආසාදිතයන් ප්‍රමාණය 1069 කි.

මේ අතර එරට වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට (Lockdown) ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ. සති 06 ක කාලයක් සඳහා මෙම වසා දැමීම බලාත්මක වන බවයි වාර්තා වන්නේ. පසුගිය දින කිහිපය තුළදී වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි.

මෙතෙක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 8755 ක් වන අතර පුද්ගලයන් 106 දෙනෙකු මියගොස් තිබේ.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි