×

ලොක්ඩවුන් මැද එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනය 30,000 කගෙන් අතුරුසිදුරු නැතිව පිරී යයි

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයට ඊයේ දිනයේ 30,000 ක් ක්‍රීඩා ලෝලීන් එක් රොක්ව සිටියේ එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවැත්වුණු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ය.


මෙම ක්‍රීඩා ලෝලීන්ට මුහුණු ආවරණ සහ සමාජ දුරස්ථභාවයෙන් තොරව නිදහසේ තරගය නැරඹීමට අවකාශ ලැබී තිබිණි.

ඒ, පවත්නා වසංගත තත්වය තුළ පෙර පරිදි උත්සව සහ තරග පැවැත්විය හැකිදැයි එක්සත් රාජධානි ආණ්ඩුව විසින් සොයාබැලීමේ වැඩසටහනක් යටතේ ය.

Events Research Programme යනුවෙන් මෙම පර්යේෂණාත්මක අත්හදාබැලීම නම් කර තිබේ.

ක්‍රීඩාංගනයට ඇතුළු වීමේදී වයස අවුරුදු 11 ට වැඩි වීම අනිවාර්ය වූ අතර, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙ තිබිය යුතු බවට සාක්ෂි පෙන්විය යුතු විය.

තවද ගතවූ පැය 48 තුළ Lateral Flow පරීක්ෂාවෙන් නෙගටිව් ප්‍රතිඵල ද ලබාගෙන තිබිය යුතු විය. එසේත් නැතිනම් ගතවූ දින 180 තුළ PCR ප්‍රතිඵල පෙන්විය යුතු විය.

2019 වසරේ ලෝක කුසලාන අවසන් තරගය එංගලන්තය විසින් දිනාගත්තේ ද මෙම ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ය. එනිසා ප්‍රේක්ෂකයන් ඉමහත් උද්‍යෝගයෙන් යුතුව තරගය නරඹන ආකාරය දැකගත හැකි විය.

ඔවුන් අපේක්ෂා කළ පරිදිම, ලකුණු 195 ට 247 ක් වශයෙන් එංගලන්තය ලකුණු 52 කින් මෙම එක්දින ජාත්‍යන්තර තරගය ජයග්‍රහණය කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි