×

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගයේ ප්‍රවේශ පතක් නැවත විකිණෙන මිල පවුම් 12,000ක්.

ලෝක කුසලාන සංවිධායකයින් නීතියේ පිහිට පතයි.



2019 වසරේ පවත්වන්නට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරගය නැරඹීම සදහා ප්‍රවේශ පත් වැඩි මිලකට අලෙවි වෙමින් පැවතීම සම්බන්ධව සංවිධායකයින් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් වෙමින් සිටී.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිඩා පිටියේදී පවත්වන්නට නියමිත එංගලන්තය සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතර තරගයේ ප්‍රවේශ පත් එහි සදහන් කර ඇති මිලට වඩා 104 ගුණයක් වැඩි මිලකට විකිණී ඇත. ඒ අනුව ප්‍රවේශ පතක මිල පවුම් 12,000කට වැඩි මිලකට අලෙවි වී ඇත.
මෙම වසරේ මැයි මස 30වන දින සිට ජූලි 14 වන දින තෙක් එංගලන්තයේ සහ වේල්ස් හීදි මෙවර ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව ඇත.

සාමාන්‍යයෙන් ප්‍රවේශ පත් නැවත විකිණීම එංගලන්තය තුළ තහනම් ක්‍රියාවක් නොවූවත් මෙවර ක්‍රිකට් කුසලාන තරගයේ ප්‍රවේශ පත් ලබා ගැනීමට ආරම්භ කර ඇති වෙබ් අඩවියේ සදහන් කර ඇත්තේ මහජන අලෙවිය සදහා ප්‍රවේශ පත් ලබා ගත නොහැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි