×

ඩුටර්ටේගේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය පිළිබඳ විමර්ශන නැවතත් – ජාත්‍යන්තර අපරාධ අධිකරණය

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයින් 8,663 ක් මිය ගොස් ඇති බව 2021 දී ප්‍රකාශිත එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළි දරවු විය.


පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ මත්ද්‍රව්‍ය යුද්ධය හේතුවෙන් මිය ගිය දහස් ගණනක් දෙනා වෙනුවෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ පරීක්ෂණය නැවත ආරම්භ කරන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) නිවේදනය කර තිබේ.

මේ පිළිබඳව විමර්ශශ පිලිපීන රජයේ ඉල්ලීම පරිදි 2021 නොවැම්බර් මාසයේදී අත්හිටුවන ලද අතර, එහිදී රජය විසින් ස්වයං පිපොච්ඡාරණයක් කිරීමට එකඟ විය. පසුගිය ජූනි මාසයේදී, පිලිපීනයේ බලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සලකා බලන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කර තිබුණේ, නීති විරෝධී ඝාතන සාධාරණීකරණය කිරීම සඳහා පොලිසිය සාක්‍ෂි සාවද්‍ය කරන බවට සාක්ෂි සොයාගත් බවයි. ඒ අනුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නඩුව නැවත විවෘත කිරීම සඳහා කටයුතු කරමින් තිබේ.

දකුණේ ඩවාඕ නගරයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ඩුටර්ටේ, 2016 ජූනි මාසයේදී බලයට පත් වූ පසු මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක් ප්‍රකාශයට පත් කළ අතර, මත්ද්‍රව්‍ය සැකකරුවන් මරා දමන ලෙස පොලීසියට නියෝග කරන්නට විය. මෙලෙස සිදු කරන ලද මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයින් 8,663 ක් මිය ගොස් ඇති බව 2021 දී ප්‍රකාශිත එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළි දරවු වූ අතර, පිලිපීනයේ මානව හිමිකම් කොමිසම සහ ප්‍රාදේශීය මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි විය හැකි බවයි.

ඩුටර්ටේගේ වසර හයක ජනාධිපති නිල කාලය නිමා වීමත් සමඟ, පසුගිය වසරේ ඔහුගේ දියණිය වන ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් පත් කරනු ලැබීය. මාකෝස් ජූනියර් විසින් ද, අපරාධ විසඳුමක් ලෙස මහා පරිමාණ නීති විරෝධී ප්‍රචණ්ඩත්වය හෙවත් මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය දිගටම කරගෙන යන බවට ප්‍රතිඥා දී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි