×

ඉරාන ද්‍රෝණ ප්‍රහාරයෙන් පසු තෙල් මිල ඉහළට

ට්‍රම්ප්ගේ වහසි බස් කෙසේ වෙතත් ඇමරිකාව සහ ඔපෙක් සංවිධානය තවත් අමාරුවේ වැටෙන හැඩ


ඇමරිකානු හමුදාවට අයත් මිලිටරි ද්‍රෝණ යානාවක් ඉරානය විසින් බිම හෙළීමෙන් පසු ඊයේ දිනයේ බොර තෙල් බැරලයක මිල 3%කින් ඉහළ ගියේය.

මෙම යානාව බිම හෙළුණේ හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ වූ අන්තර්ජාතික ගුවන් තලයේදී ය. ඉරානය විසින් ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිලයක් මගින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, මෙහි විශේෂත්වය වූයේ ඉරානය විසින් ප්‍රහාරයේ වගකීම භාරගැනීමයි. මේ සමගම ගල්ෆ් කලාපයේ ඉරාන-ඇමරිකානු යුද්ධයක් ආරම්භ වේදැයි බියක් ද පළ වී තිබේ.

ප්‍රහාරය එල්ල කළ ඉරානයේ Revolutionary Guard බලකාය පැවසුවේ ඇමරිකානු යානාව ඉරාන අහස් සීමාවට ඇතුල් වී තිබූ බවයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය, තෙල් තොග පිරික්සුම් සන්ධිස්ථානයක් ලෙස ප්‍රකට ය.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඩොලර් 63.75 ක් ව පැවති බොරතලේ බැරලයක මිල ප්‍රහාරයනේ පසු ඩොලර් 63.88 ක් දක්වා ඉහළ ගියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි