×

වසර 40කට පසු කියුබාව නව අගමැතිවරයෙක් පත්කරයි!

කියුබන් විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ 1976 දී අගමැති ධූරය අහෝසි කරන ලදී.


කියුබන් ජනාධිපති මිගුවෙල් ඩියෙස් කැනල් විසින් නව අගමැතිවරයෙක් පත් කර තිබේ. අගමැතිවරයා ලෙස පත්කර් ඇත්තේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය මැනුවෙල් මරෙරෝ කෘස් ය.

දශක හතරකට පසු මෙලෙස ප්‍රථම වරට අගමැතිවරයෙක් පත්වන්නේ කොමියුනිට්ස් පාලනය යටතේ මෙම වසරේ මුලදී සිදුකෙරුණු ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව යමිනි.

කියුබන් විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ 1976 දී අගමැති ධූරය අහෝසි කරන ලදී.

56 හැවිරිදි නව අග්‍රාමාත්‍ය මැනුවෙල් මරෙරෝ කෘස් සිය ධූරයේ වගකීම් කිහිපයක් දැනටමත් භාරගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඇතැම් දේශපාලන විචාරකයන් මෙම පත්කිරීම විවේචනය කරමින් පවසන්නේ කියුබානු ජනාධිපතිවරයා ගත් මෙම ක්‍රියාමාර්ගය සාර්ථක නොවනු ඇති බවයි.

කියුබන් විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ විසින් 2004 වසරේදී මැනුවෙල් මරෙරෝ කෘස් සංචාරක අමාත්‍යවරයා ලෙස පත්කරන අතර මේ වන විට ඔවුන් සංචාරක ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රගතියක් පෙන්වා ඈති බවද විදෙස් වාර්තා පෙන්වාදෙයි.

අෂිකා බ්‍රහ්මණ – ලංකා නිව්ස් වෙබ් වෙතිනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි