×

කියුබාවටත් අභිමානයේ දේදුනු පෑයූ වගයි!

"ආදරය සහ සෙනෙහස" මෙම මනාප ක්‍රමය තුළ ජයගත් බව


අප වෙසෙන්නේ ගැහැණු-පිරිමි සබඳතා මුල් කරගත් සමාජයක මුත් විට ගැහැණු-ගැහැණු සහ පිරිමි-පිරිමි යන සමරිසි සබඳතා ද සුලබ ව දක්නට ඇත. නමුත් සංස්කෘතිමය වශයෙන් ඉහළ රටවල මෙය නීතියට පටහැනි වීමක් ලෙස ද අනෙකුත් රටවල නීත්‍යානුකූල වශයෙන් පිළිගත් සමාජ ලක්ෂණයක් ලෙස ද දක්නට ලැබේ.

එකී නීත්‍යානුකූල වශයෙන් පිළිගත් රටවල් අතරට අලුතින්ම එක්වන රට වන්නේ කියුබාවයි! එනම් එම රටේ ද සමරිසි අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට මිනිසුන් කටයුතු කිරීමයි.

මෙහි දී කියුබාවෙහි දශක හතරකට වඩා පැරණි පවුල් සංග්‍රහයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණයට පක්ෂව සහ විපක්ෂව තම මනාපයන් ලබා දීමට කියුබානුවන් මිලියන ගණනක් කටයුතු කළහ. සමරිසි විවාහ සහ දරුවන් ලැබීමට කැමති සමරිසි අයවලුන් හට දරුවන් හදා ගැනීමට අවස්ථාව ද එහි දී අනුමත විය.

කියුබාව තුළ සමරිසි අයිතීන් වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන, ඔවුන්ගේ අයිතිවාසිකම් පුළුල් කිරීම සඳහා පෙනී සිටින කියුබානු ලිංගික අධ්‍යාපනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය වන (CENESEX) ප්‍රකාශ කළේ 67% ක් පමණ ප්‍රතිශතයකින් ඔවුන්ගේ “ආදරය සහ සෙනෙහස” මෙම මනාප ක්‍රමය තුළ ජයගත් බවයි. එයට විපක්ෂව 33% ක පමණ යල්පැන ගිය මත දරන්නන් පිරිසක් තම ඡන්දය භාවිතා කර තිබුණි.

තවද රට තුළ ස්ථාන කිහිපයක මේ පිළිබඳ ඡන්දය විමසීමට තිබෙන බව එරට ජාතික මැතිවරණ කවුන්සිලයේ සභාපති ඇලිනා බැල්සෙයිරෝ ගුටරේස් පවසයි.

එසේම කියුබානු විදේශ කටයුතු අමාත්‍ය බෘෘනෝ රොඩ්‍රිගස් ද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු නව පවුල් සංග්‍රහය අනුමත කිරීම සහ සමරිසි විවාහ නීතිගත කිරීමේ ක්‍රියාමාර්ග පිළිගත් බවට සටහනක් තබා ඇත.

අපි මේ දෙස අමුතු කෝණයකින් බැලූ කල එය අපට පෙනෙන්නේ වපර ඇසෙන් වීම පුදුමයක් නොවේ. ඒත් මේ පිළිබඳ විවිධ පාට පාට පැති කිහිපයකින් බැලූ විට අපට පෙනෙන්නේ මෙම හැඟීම එම පාට එකතු වී සෑදුන ලස්සන දේදුන්නක් ලෙසයි!

Nipuni Liyanage



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි