×

ලතින් ඇමරිකානු විරෝධයට කියුබාවෙන් පිළිතුරු..

එක්සත් ජනපදය සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන්නේ නම් කියුබාව එයට සූදානමින් සිටින බවට එරට කොමියුනිස්ට්වාදී රජය පවසයි.


එක්සත් ජනපදය සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන්නේ නම් කියුබාව එයට සූදානමින් සිටින බවට එරට කොමියුනිස්ට්වාදී රජය පවසයි.

කියුබානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ඊයේ (16) දින රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය දක්වන ලතින් ඇමරිකානු හා කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තිය හමුවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත හැර දැමීමට සූදානම් වන්නේ නම් තම රජය එයට සූදානම් බවයි.

කියුබාව හා ඇමරිකාව අතර පැවති දේශපාලන විෂමතාව හමුවේ අර්ධ ශතකයට ආසන්න කාලයක් පැවති සතුරුකාමී වාතාවරණයට තිත තබමින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට හිටපු ජනපති ඩිමොක්‍රටික් පාක්ෂික බැරැක් ඔබාමා සමත් වූයේ දැනට වසර පහකට පෙරය. ඔබාමා ගේ මානව හිතවාදී හා වෙනත් දේශපාලන දර්ශනයන්ට ගරු කිරීමේ ප්‍රතිපත්තිය තුළින් එක්සත් ජනපදය ලතින් ඇමරිකානු ප්‍රජාව තුළ මහත් ප්‍රසාදයකට ලක්වීම ආරම්භ වී තිබිණි. ඔබාමා ගේ පාලන කාලය තුළ දෙරට අතර සංචාරක, වෙළඳ සම්බාධක බොහොමයක් ලිහිල් වීමට මෙය හේතු වූ අතර ඔබාමා කියුබාවේ සංචාරයේ ද නිරත වී තිබිණි.

කෙසේවෙතත්, අන්ත දක්ෂිණාංශික රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදයේ පාලන බලය ලබා ගැනීමෙන් පසු මෙකී තත්ත්වය කණපිට පෙරලිණි. රිපබ්ලිකන් පක්ෂයේ කොමියුනිස්ට් විරෝධී ලතින් ඇමරිකානු විරෝධී ආකල්ප රට පුරා පැතිර ගියේ පමණක් නොව, දෙරට අතර ලිහිල් කර තිබූ සම්බාධක තර කරමින් නවතම සම්බාධක හඳුන්වා දීමට පවා ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි