×

ඇමරිකානු පුවත්පත් ආයතන රැසකට සයිබර් ප්‍රහාර‍

ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත් පත හා සම්බන්ධ බලධාරීන් පවසන්නේ මෙය ඇමරිකාවට පිටතින් සිටින කවුරුන් හෝ එල්ල කරන ප්‍රහාරයක් බවයි.


ඇමරිකා එක්සත් ජනපදයේ පුවත් පත් ආයතන රැසකට සයිබර් ප්‍රහාරයක් එල්ල වීම නිසා එම ආයතන වල කටයුතු අඩාල වී ඇත. ලොස් ඇන්ජලිස් ටයිම්ස්, චිකාගෝ ට්‍රිබියුන්, වෝල්ස්ට්‍රීට් ජර්නල්, බැල්ටිමෝර් සන්, ට්‍රිබියුන් පබ්ලිෂින් ආයතනය හා සම්බන්ධ තවත් පුවත්පත් රැසක බෙදා හැරීම් ක්‍රියාවලිය ආශ්‍රිතව සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත. එම ආයතනය පවසන්නේ සයිබර් ප්‍රහාරය මුලින්ම එල්ල වූයේ පසුගිය සිකුරාදාවේ බවයි.

ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත් පත හා සම්බන්ධ බලධාරීන් පවසන්නේ මෙය ඇමරිකාවට පිටතින් සිටින කවුරුන් හෝ එල්ල කරන ප්‍රහාරයක් බවයි.

පුවත්පත් ආයතන පවසන්නේ මෙම සයිබර් ප්‍රහාරය කිරීමෙන් ඇමරිකාව තුළ පුවත් පත් ක්‍රියාකාරීක්ව අඩාල කිරීමට හා රහස් සහ තොරතුරු සොරකම් කිරීමේ පරමාර්ථයෙන් බවයි.
මෙම වසරේ මුල් කාලයේ නිවුයෝර්ක් ඩේලි නිවුස්, ඇනා පොලිස් කැපිටල් ගැසට් ආදී පුවත්පත් වල කාර්යමණ්ඩලයන්ට මරණ තර්ජන සහ මරණීය ප්‍රහාර එල්ල වී තිබිණ.

තවත් ඇතැම් පුවත් පත් ආයතනවල දුරකථන ක්‍රියාකාරීත්වයන් අඩාල කිරීම මෙන්ම පරිගණක වෛරස පැතිරවීම ද සිදුවිය. මේ පිළිබඳව ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විමර්ශන කටයුතු සිදු කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි