×

බුල් බුල් නිසා ඉන්දියාව සහ බංගලිදේශය කැළඹේ

.


බුල් බුල් සුලි කුණාටුව හේතුවෙන් බංගලිදේශයේ සහ ඉන්දියාවේ වෙරලාශ‍්‍රිතව ජිවත්වන මිලියනයකට අධික පිරිසකට ඉවත්වන ලෙස ආපදා අංශ මගින් අනතුරු ඇගවීම් නිකුත් කොට ඇත.

සුලි කුණාටුව හේතුවෙන් තද වැසි හටගෙන ඇති බවයි වාර්තා වන අතර බෙංගාල බොක්ක ආශ්‍රිතව මෙම සුළි කුණාටුව පැමිණ ඇත.මේ හේතුවෙන් මේ වන විටත් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්ථා වේ. එමෙන්ම කල්කටා ගුවන් තොටුපල ඇතුළු වරායනන් හා ගුවන් තොටුපල කිහිපයක් බුල් බුල් කුණාටුව හේතුවෙන් වසා ඇත.

ලොව විශාලතම කඩොලාන වනාන්තරය සහ වදවීයාමේ තර්ජනයට ලක්ව සිටින බෙංගාල කොටින්ගේ වාසභූමි පිහිටි ප‍්‍රදේශයට ඉදිරි පැය කිහිපයේදී අධික වැසි ඇතිවිය හැකි බවට ද කාලගුණ අංශ නිවේදනය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි