×

ෆානී සුළි කුණාටුව නිසා ඉන්දියානුවන් දසදහස් ගණනක් අවදානම් පෙදෙස් වලින් ඉවත් කෙරේ

මේ වන විට ප්‍රද්ගලයින් 800 000කට ආසන්න සංඛ්‍යාවක් මුහුදු බඩ පෙදෙස් වලින් ඉවත් කරමින් ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.


ඉන්දියාවේ නැගෙනහිර වෙරළ ආසන්න ප්‍රදේශ වල ජීවත් වන දහස් ගණනක් ජනතාව මේ වන විටත් එම ප්‍රදේශ වලින් ඉවත් කරන්නට ඉන්දීය රජය කටයුතු කරමින් සිටී‍. ඒ ඉදිරිපැය 24 තුළ ඇතිවිය හැකි බවට නියමිත දරුණු සුළි කුණාටු තත්ත්වය හේතුවෙනි.

මේ වනවිටත් ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයට ඇතුල් වෙමින් සිටින ෆානී කුණාටුව පැයට කිලෝ මීටර් 200ක වේගයකින් රට තුළට ඇදෙමින් තිබේ.

මේ වනවිටත් ඉන්දියානු නැගෙනහිර වෙරළ ආශ්‍රිත ප්‍රධාන වරාය දෙකක සියලු කටයුතු තාවකාලිකව නවතා ඇති අතර පහත් බ්මි වෙත සාමාන්‍ය ජනයාට ඉවත් කිරීම සදහා ආරක්ෂක අංශ වල සහය ලබාදෙමින් සිටී.

ඒ අනුව මේ වන විට ප්‍රද්ගලයින් 800000කට ආසන්න සංඛ්‍යාවක් මුහුදු බඩ පෙදෙස් වලින් ඉවත් කරමින් ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. තවත් 100000 ඔරිස්සා හී පූරි ප්‍රදේශයෙන් පුද්ගලයින් සංඛ්‍යාවක් ඔරිස්සා  ප්‍ඉවත් කර ඇත. බලධාරීන් අනුමාන කරන්නේ ඔරිස්සා ප්‍රාන්තය දැඩි අවධානම් ප්‍රදේශයක් වනු ඇති බවයි. ඔරිස්සා හී පිහිටි පූරී යනු වසර 858ක ඉතිහාසයක් ඇති පැරණි ජගන්නාත් දේවාලය පිහිටි භූමියයි. සුළි කුණාටුව හේතුවෙන් මෙම පූජා භූමියට හානි සිදු වනු ඇතැයි යන අවධානමද පවතී‍‍

මේ වන විට මෙම ප්‍රදේශ ආශ්‍රිත සියලු පාසැල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර තමිල්නාඩු හී අන්ද්‍රා පුදේශයද දැඩි අවධානම් කලාපයක් ලෙස නම් කර ඇත‍
ෆානී සුළි කුණාටුව පසුගිය දශක තුනක කාලය තිස්සේ ඉන්දියාව හරහා හැමූ සිවුවන සුළි කුණාටුවයි. 2017 වසරේදී ඇති වූ ඔඛී සුළි කුණාටුවෙන් 200ක් දෙනා ජීවිතක්ෂයට පත් වූ අතර සිය ගණනක් අවතැන් විය. පසුගිය ඔක්තොබරයේද තවත් ස්ළි කුණාඩුවක් හේතුවෙන් ඔරිස්සා හී වැසියන් නිවෙස් වලින් ඉවත් කරන ලදී.

ෆානී සුළිකුණාටුව හේතුවෙන් දිස්ත්‍රික් 11කට බලපෑම් සිදු වනු ඇතැයි අනුමාන කරන අතර සෙනසුරාදා වන විට සුළි කුණාටුව බංග්ලාදේශයේ චිතගොන් හරහා හමා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි