×

”ෆානී” බංග්ලාදේශයේ දහසකට අධික නිවාස සංඛ්‍යාවක් විනාශ කර දමයි.

1999 වසරේ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවූ සුළි කුණාටුව හේතුවෙන් පැය 30ක් ඇතුලත ඔරිස්සා වෙරළ තීරය ආශ්‍රිතව 10 000ක් දෙනා මිය ගියහ.


පසුගියදා දකුණු ආසියානු රටවල් කිහිපයකටම දැඩි ලෙස බලපෑ ෆානී කුණාටුව බංග්ලාදේශයටද විශාල වශයෙන් හානි සිදු කර ඇත.

බංග්ලාදේශයේ ඇතැම් ගම් සම්පූර්ණයෙන්ම මෙම කුණාටුව හේතුවෙන් විනාශ වී ඇති බව වාර්ථා වේ.

ඉන්දියාව සේම බංග්ලාදේශයට ෆානී සුළි කුණාටුවට පෙර පුද්ගලයින් මිලියනයකට වඩා සංඛ්‍යාවක් නිවෙස් වලින් ඉවත් කර ආරක්ෂිත පෙදෙස් කරා යවන්නට සිදු විය. නමුත් එසේ කර තිබියදීත් බංග්ලාදේශයේ පුද්ගලයින් 5 දෙනෙකු ෆානී හේතුවෙන් මිය ගොස් ඇති අතර 63 දෙනෙකු තුවාල ලබා ඇත. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් 2 ද වෙයි.

ෆානී හේතුවෙන් මිය ගිය ඉන්දියානුවන් සංඛ්‍යාව අඩුම තරමේ 12 දෙනෙකු හෝ වන්නට ඇතැයි මේ වන විට ගණන් බපා ඇත. බලධාරීන් පවසන්නේ මිය ගිය සංඛ්‍යාව බොහෝ විට ඊට වඩා වැඩි විය හැකි බවයි.


1999 වසරේ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවූ සුළි කුණාටුව හේතුවෙන් පැය 30ක් ඇතුලත ඔරිස්සා වෙරළ තීරය ආශ්‍රිතව 10 000ක් දෙනා මිය ගියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි