×

සයිප්‍රසයත් කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කරයි

ඉකුත් සෙනසුරාදා දින මෙම එන්නත රටට ගෙන ඒමට රජය කටයුතු කර ඇත.


සයිප්‍රසය අද (27) දින සිට කොවිඩ්-19 වෛරස ප්‍රතිරෝධී එන්නත එරට ජනතාවට ලබාදීම ආරම්භ කර තිබේ.

මෙම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය යුරෝපා සංගමය විසින් කොවිඩ් උවදුර මර්දනය කිරීමට ගත් සාමූහික ක්‍රියාදාමයේ එක් පියවරක් ලෙස සිදුවේ.

මේ වන විට කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වූවන් ගෝලීය වශයෙන් මිලියන 1.7 ඉක්මවා තිබේ.

සයිප්‍රසයේ කොවිඩ් අසාදිත පුද්ගලයින් සංඛ්‍යාව දහනවදහස ඉක්මවා (19,391) ඇති අතර, වසංගත තත්වය හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 111 ලෙස සටගන් වේ.

එරට අගනුවර නිකෝසියා, හා ලාර්නකා සහ ලිමස්සොල් යන නගර වල විශ්‍රාමලත් පුද්ගලයින් ට පළමු එන්නත් ලබාදීමට නියමිත ය.

එය මාත්‍රා දෙකක එන්නතක් ලෙසින් ලබාදීමට නියමිතය.

ඉකුත් සෙනසුරාදා දින මෙම එන්නත එරටට ගෙන ඒමට රජය කටයුතු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි