×

දලයි ලාමා රෝහල් ගත කෙරේ

වෛද්‍යවරුන් පවසන පරිදි ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් තිබෙන අතර තව දින කිහිපයක් රොහල් ගත වී සිටීමට සිදුවනු ඇත.


83 හැවිරිදි ටිබෙට් ජාතික බෞද්ධ ආධ්‍යාත්මික නායකයෙකු වන දලයි ලාමා හෘද ආසාදනයක් හේතුවෙන් රොහල් ගත කර ඇත. ඉන්දියවේ දිල්ලි අගනගරයේ රොහලකට එතුමා ඇතුලත් කර ඇති අතර මේ වන විට තත්ත්වය යහපත් අතට හරෙමින් පවතින බව පැවසේ.
චීන පාලනයට එරෙහිව ක්‍රියාත්මක කළ විරෝධතා ව්‍යාපාරය අසාර්ථක වීමෙන් පසු එතුමා මීට වසර 60කට පෙර ඉන්දියාවට පැමිණියේය.

නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගන්නා ලද එතුමා සුප්‍රසිද්ධ දේශකයෙකු වුවද පසුගිය වසර කිහිපය තුළ බොහෝ ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිටයේ රෝගී තත්ත්වය හේතුවෙන්මය.
වෛද්‍යවරුන් පවසන පරිදි ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් තිබෙන අතර තව දින කිහිපයක් රොහල් ගත වී සිටීමට සිදුවනු ඇත.

1950 වසරේ චීනය ටිබේටය සිය අතට ගත් පසු දලයි ලාමා භයානක බෙදුම්වාදියෙකු ලෙස නම් කරන ලදී. අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම සම්බන්ධව පසු ගිය සමයේ විවිධ මතවාද ඇති වී තිබූ අතර දලෙයි ලාමා පවසා සිටියේ චීනය විසින් පත්කරන කිසිම නියකයෙකු ට්බේටය විසින් පිළි නොගන්නා බවයි.

ටිබෙටියානු බෞද්ධ විශ්වාසය තුළ පැවසෙන්නේ ඉතා ජ්‍යොෂ්ඨතම ලාමා වරයා විසින් කුඩා දරුවෙකු ගේ ශරීරය තුළට නැවත ඇතුල් වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි