×

ඩෙන්මාර්ක අගමැතිනිය කෝපන්හේගන්හිදී ප්‍රහාරයකට ලක් වේ

ඇය ඩෙන්මාර්ක ඉතිහාසයේ ලාබාලතම අගමැතිනිය


සටහන: සශිකලා මධුෂාණි, ජුනි 08,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩෙන්මාර්ක් අගමැතිනිය වන මෙට් ෆ්‍රෙඩ්රික්සන්හට යම් පුද්ගලයෙකු විසින් එල්ල කරනලද ප්‍රහාරයක් හෙතුවෙන් කම්පනයට පත් වූ බව ඇයගේ කාර්යාලය සඳහන් කර තිබේ.

නගරය මධ්‍යයේ පිහිටි චතුරශ්‍රයකදී මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් පවති. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැක්වීම පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුරෝපීය කොමිසමේ ප්‍රධානී Ursula von der Leyen සඳහන් කර තිබුණේ, මෙය අතිශය නින්දිත ක්‍රියාවක් වන බවයි.

46 හැවිරිදි ෆෙඩ්රික්සන් මහත්මිය වසර හතරකට පෙර මධ්‍ය-වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නායකත්වයට පත්වීමෙන් පසු 2019 දී අගමැති වී අතර ඇය ඩෙන්මාර්ක ඉතිහාසයේ ලාබාලතම අගමැතිනිය බවට පත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි