×

වෙරළට ආ හබල් මාළුන් නිසා ජපානයට සුනාමි බියක්

ජපනුන් විසින් ර්යුගුනෝ සුකායි නමින් හදුන්වන මෙම හබල් මාළුවා 2011 වසරේ ඇතිවූ සුනාමි උවදුරට පෙර 2010 වසරේදී ජපන් වෙරළ පුරා දැකිය හැකි වී තිබේ.


Oarfish හෙවත් හබල් මාළුවා නැත්නම් අවල් මාළුවා මාළු විශේෂය පසු ගිය දින වලදී ජපානයේ මුහුදු වෙරළේ දකින්නට හැකි වීම නිසා ජපන් ජනතාව අතර සුනාමි හා භූ කම්පන බියක් ඇති වී ඇත‍. මුහුදු සර්පයි වි‍ශේෂයක් ලෙසද ඇතැම් රටවල මෙම සත්වයා හඳුන්වනු ලබයි.
පසු ගිය සතියේ දී උතුරු ජපානයේ වෙරළ තීරයේ මෙම හබල් මාළුවන් තිදෙනෙක් වෙරළට ගොඩ ගසා ඇති අයුරු ජපන් ජනතාව දැක ඇත.

මීටරයක් පමණ දිග ඇති මෙම මාළු විශේෂය ජපන් ජාතිකයන්ගේ මිත්‍යා විශ්වාශයන්ගේ සදහන් මාළුන් විශේෂයකි. ඔවුන් යම් උවදුරක පෙර නිමිති සපයන්නන් බව ජපන් ජාතිකයන් විසිනි විශ්වාස කරනු ලබයි. ඒ නිසාම ජපන් ජාතිකයන් විසින් මෙම මාළුවා හදුන්වන්නේ මුහුදු දෙවියන්ගේ පණිවිඩකරු ලෙසිනි.

සුනාමි උවදුරට එම නම පවා ලබාදුන් ජපානයේ සුනාමිය ගැන අනතුරු අඟවන මුහුදු සර්පයා පිළිබඳ පුරා කතාවක්, ජන විශ්වාසයක් ඇසුරින් බව කියැවේ. ජපනුන් විසින් ර්යුගුනෝ සුකායි නමින් හදුන්වන මෙම හබල් මාළුවා 2011 වසරේ ඇතිවූ සුනාමි උවදුරට පෙර 2010 වසරේදී ජපන් වෙරළ පුරා දැකිය හැකි වී තිබේ. ජපන් ජාතිකයන්ට අනුව මුහුදේ හෝ ගොඩබිම ආශ්‍රිතව හටගන්නා විනාශකාරී භූකම්පන සහ ඒ හේතුවෙන් හටගන්නා මාරාන්තික සුනාමි පිළිබඳ අනතුරු ඇඟවීමේ පූර්ව වාර්තා කාටත් පෙර ලැබෙන්නේ මුහුදු පතුලේ ඇති මකර රජුගේ මාලිගය වෙතටය. එසේ වාර්තා ලද කල මකර රජු තමන්ට වන්දනාමාන කරන ගොඩබිම ජනතාවට ඒ ගැන අනතුරු ඇඟවීමේ කාර්ය පවරන්නේ ගෝල බාලයන්ටය. විශේෂයෙන්ම දිය කිඳුරන්ටය.

මේ ගෝල බාලයන් දිය කිඳුරන්ද සමඟ මාළුන් ලෙස පැමිණ වෙරළේ මියයමින්, දැල්වල පැටලෙමින් ස්වභාවික විපත්තිය ගැන අනතුර කලින් කියාපායි.ජපනුන් අතර ඇති මෙම පුරාණෝක්තිය ලෝකය පුරා විවිධ ජන කොට්ඨාසවලට අනුව විවිධ අයුරින් ඇසෙන්නට ලැබේ. එම කතාවලට අනුව මේ අන්දමට අනතුරු සංඥාව රැගෙන ගොඩබිමට එන ප්‍රධාන මාළු වර්ගයක් ලෙස අඩි 10 ක් 12 ක් දිගැති සර්පාකාර සිරුරක් සහිත හබල් මාළුවා. නැතිනම් අවල් මාළුවා (Oar fish) ගැන වැඩියෙන්ම කතාබහට ලක්ව තිබේ.

ඔවුන් සැබවින්ම ජීයක් වන්නේ ගැඹුරු මුහුදේ කිලෝමීටරයක් තරම් ගැඹුරිනි.

ඒ නිසාම ජපනුන් විශ්වාස කරන්නේ මේ වන විට ගැඹුරු මුහුදේ යම් වෙනසක් ඇති වෙමින් පවතින හේතුවෙන් මෙම සතුන් ගොඩබිමට එන බවයි.

කගොෂිමා විශ්ව විද්‍යාලයේ මත්ස්‍යවිද්‍යාව පිළිබද මහාචාර්ය හ්රොයුකි මොටොමුරා පවසන්නේ මෙම මත්සයින් ගොඩ බිම දෙසට පැමිණෙන්නේ ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය දුර්වල වීම හේතුවෙන් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි