සුඩානයේ ඔම්ඩුර්මන් වෙළඳපොළට එල්ල වූ මාරාන්තික තුවක්කු ප්‍රහාරයෙන් 56 දෙනෙකු මරුට
යුද්ධය හේතුවෙන් දස දහස් ගනනක් මිනිසුන් මරා දමා, මිලියන 3.6 ක ජනතාවක් ඔවුන්ගේ නිවාස වලින් පලවා හැර, ජනගහනයෙන් අඩක් සාගින්නෙන් ගිල්වා ඇත.
සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සුඩානයේ ඔම්දුර්මාන් නගරයේ එළවළු වෙළඳපොළකට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරයකින් සිවිල් වැසියන් 56 දෙනෙකු ජිවිතාක්ෂයට පත්ව තවත් 158 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය(RSF)ට චෝදනා එල්ල වී ඇති අතර සුඩානයේ සංස්කෘතික අමාත්‍ය සහ රජයේ ප්‍රකාශක Khalid al-Aleisir සඳහන් කර තිබුණේ, මෙම සාපරාධී ක්‍රියාව ජාත්‍යන්තර මානුෂීය නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන බවයි.
සුඩාන හමුදාව සහ RFS අතර යුද්ධය 2023 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන අතර යුද්ධය හේතුවෙන් දස දහස් ගනනක් මිනිසුන් මරා දමා, මිලියන 3.6 ක ජනතාවක් ඔවුන්ගේ නිවාස වලින් පලවා හැර, ජනගහනයෙන් අඩක් සාගින්නෙන් ගිල්වා ඇත.