×

ස්පාඤ්ඤයේ රසායනික කම්හලක පිපිරුමක්!

ස්පාඥයේ කැටලෝනියා කලාපයේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.


ස්පාඤ්ඤයේ කැටලෝනියා කලාපයේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

ටාරගෝනාවට දකුණින් විශාල ගින්නක් ඇතිවීමෙන් එක් අයෙකු අතුරුදහන් වී ඇති අතර බලධාරීන් පවසන්නේ එය රසායනික අනතුරකින් අවුලුවා ඇති බවයි.

බලධාරීන් මුලින් නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ගෘහස්ථව රැඳී සිටින ලෙසයි. නමුත් පසුව කියා සිටියේ පිපිරුමෙන් විෂ ද්‍රව්‍ය කිසිවක් නිකුත් කර නොමැති බවයි.

ඉන්ඩස්ට්‍රියස් ක්විමිකස් ඩෙල් ඇක්සිඩෝ ඩි එටිලෙනෝ කම්හලේ පිපිරීම සිදු වූයේ දේශීය වේලාවෙන් 18:40 ට (GMT 17:40) පමණය ය.

තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකුට බරපතල පිළිස්සුම් ඇති බව කැටලෝනියාවේ සිවිල් ආරක්ෂක සේවය පවසයි.

[embedyt] https://www.youtube.com/watch?v=jqDnAJlQnhI [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි