×

සෝමාලියා වේ අගනුවර කාර් බෝම්බයක් පුපුරා යාමෙන් නව දෙනෙකු මරුට

අල්-ෂබාබ් වසර 17කට වැඩි කාලයක් පුරා රජය පෙරලා දැමීමේ අරමුණෙන් රජය ඉලක්ක කර ගනිමින් නිතර වැටලීම් සහ මාරාන්තික ප්‍රහාර දියත් කරයි.


සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 15,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ආපන ශාලාවක් අසල කාර් බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් නව දෙනෙකු මියගොස් තවත් 20දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම අල්-කයිඩාවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක්වන අල්-ෂබාබ් විසින් භාරගෙන ඇති අතර බෝම්බ ප්‍රහාරයෙන් මෝටර් රථ 10ක් ද විනාශ වී ඇති අතර ජනාධිපති මන්දිරය ආසන්නයේ හොඳින් ආරක්‍ෂිත ප්‍රදේශයක තිබූ ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදු ඇත.

අල්-ෂබාබ් වසර 17කට වැඩි කාලයක් පුරා රජය පෙරලා දැමීමේ අරමුණෙන් රජය ඉලක්ක කර ගනිමින් නිතර වැටලීම් සහ මාරාන්තික ප්‍රහාර දියත් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි