×

COVID 19: මරණ 3200 ඉක්මවයි, ආසාදිතයන් ලක්ෂයට ආසන්න වෙයි

චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වී මේ වනවිට රටවල් 70 ක් පුරා පැතිර ඇති covid 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති ප්‍රමාණය 3200 ඉක්මවා තිබෙනවා.


චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වී මේ වනවිට රටවල් 70 ක් පුරා පැතිර ඇති covid 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති ප්‍රමාණය 3200 ඉක්මවා තිබෙනවා.

මේ වනවිට චීනයේ දෛනික මරණ ප්‍රමාණය දිනෙන් දින පහළ යමින් තිබෙන අතර කෙසේ වෙතත් ඊට සාපේක්ෂව වෙනත් රටවලින් වාර්තා වන මරණ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යයි.

නවතම වාර්තාවලට අනුව මේ වනවිට පුද්ගලයන් 3203 ක් මියගොස් ඇති අතර ඉතාලියෙන් පමණක් මරණ 79 ක් වාර්තා වේ.

ඇමරිකාවේ මියගිය ප්‍රමාණය 09 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉරානයේ මරණ ප්‍රමාණය 77 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතරව වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙනි. එරට මියගිය පුද්ගලයන්ගේ ප්‍රමාණය 33 දක්වා ඉහළ ගොස් තිබේ.

ලොවපුරා වෛසරය ආසාදනය වූවන් ප්‍රමාණය 93,191 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයන් 6772 දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් බවයි ජාත්‍යන්තර වාර්තාවලට අනුව තහවුරු වන්නේ.

මේ වනවිට ලොවපුරා රටවල් 70 කට අධික ප්‍රමාණයකින් වෛරසය ආසාදිත වූවන් වාර්තා වී තිබෙන අතර

වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරි දිනවලදී තවත් රටවල් සැලකිය යුතු ප්‍රමාණයකින් වෛරසය ආසාදිතයන් හමුවනු ඇත.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි