×

සමෝවා දූපතේ සරම්ප වසංගතයක්! මරණ සංඛ්‍යාව ඉහලට!! බහුතරයක් කුඩා දරුවන්!!!

සමෝවා දූපතේ සරම්ප වසංගතයෙන් වාර්තා ගත මරණ සංඛ්‍යාව ඉහල යන බවක් පෙන්නුම් කරමින් පවතී.


සමෝවා දූපතේ හටගත් සරම්ප වසංගතයකින් මේ වන විට වාර්තා වූ මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් තිබේ.

එරට රජය අද (02) දින නිකුත් කළ නිවේදනයකට අනුව සරම්ප ව්‍යාප්තිය දිනකට පුද්ගලයන් 100 කට අධික සංඛ්‍යාවක් දක්වා උත්සන්න වී තිබේ.

වාර්තා වූ මරණ අතර, අතිබහුතරයක් (48) අවුරුදු හතරට අඩු කුඩා දරුවන් බවට වාර්තා වේ.

සමෝවා දූපතේ‍ 200,000 ක් පමණ වන ජනගහනයෙන් මේ වන විට සරම්ප ආසාදිතයින් 3,700 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඊයේ සහ අද දින තුළ පමණක් නව ආසාදන 198 ක් වාර්තා වී තිබේ.

මීට පෙර පසුගිය ඔක්තෝබර් මස තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සරම්ප තත්ත්වය වසංගත ආකාරයෙන් යළි හිස එසවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබිණි. මෙම වසරේ පළමු මාස තුන තුළ වාර්තා වූ සරම්ප ආසාදිතයින් සංඛ්‍යාව සියයට තුන්සියයකින් ඉහල ගොස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි