×

මුආන් ගුවන්තොටුපොළේ අනතුරින් මිය ගිය ගණන ඉහළට!

අද (29) උදෑසන දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළේදී අනතුරට ලක් වූ ගුවන් යානයෙහි ගමන්ගත් 181 ක් වූ පිරිසෙන් 122 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.


රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (29) උදෑසන දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළේදී අනතුරට ලක් වූ ගුවන් යානයෙහි ගමන්ගත් 181 ක් වූ පිරිසෙන් 122 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. යානයේ ගමන්ගත් ඉතිරි පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත්, දකුණු කොරියානු බලධාරීන් දැනටමත් පවසා ඇත්තේ, ඔවුන්ගේ ජීවිත සම්බන්ධව වැඩි අපේක්ෂා තබාගත නොහැකි බවය.

Firefighters carry out extinguishing operations on an aircraft which drove off runaway at Muan International Airport in Muan, South Jeolla Province, South Korea, December 29, 2024. Yonhap via REUTERS THIS IMAGE HAS BEEN SUPPLIED BY A THIRD PARTY. NO RESALES. NO ARCHIVES. SOUTH KOREA OUT. NO COMMERCIAL OR EDITORIAL SALES IN SOUTH KOREA.

යානයේ සිටි පුද්ගලයින් 181 දෙනාගෙන් 175 දෙනෙක් මගීන් වූ අතර, ඉතිරි 6 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින් වූ අතර, යානය මුආන් ගුවන්තොටුපොළට ගොඩබස්වමින් සිටියදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථය ඔස්සේ ඇදීගොස් එහි තාප්පයක ගැටී අනතුරට ලක්වුණි. අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව මුළුමනින්ම විනාශ වී තිබුණි.

මේ සමඟම ඒ ආසන්නයට පැමිණි ගිනිනිවන අංශ කඩිනමින් ගින්න නිවාදැමීමට ගිනි නිවන රථ ගණන 32 ක් යොදවා උත්සාහ කර තිබුණු බව වාර්තා වේ.

යානයේ සිටි මගීන් 175 දෙනාගෙන් 173 දෙනෙකුම දකුණු කොරියානුවන් වන අතර, ඉතිරි දෙදෙනා තායිලන්ත ජාතිකයින් බව වාධ්‍ය පෙන්වා දේ. කෙසේ නමුත් දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමෙන් අනතුරුවත් මුදාගෙන තිබුණේ යානයේ සිටි පිරිසෙන් දෙදෙනෙක් පමණි. ඔවුන් දෙදෙනාම කාර්ය මණ්ඩල සාමාජිකයෙක් බවට වාර්තා වෙයි. යානය අනතුරට පත්වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වි නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි