×

අමෙරිකාව තුළ ප්‍රධානම මාතෘකාවක් වූ  DeepSeek AI Chatbot..

මේ වන විට අමෙරිකාව තුළ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබෙන, චීන සමාගමක් වන DeepSeek විසින් නිර්මාණය කරන ලද AI බලයෙන් ක්‍රියාත්මක වන Chatbot වේදිකාව හඳුන්වා දිය හැකියි.


රෂිකා හෙන්නායක ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වන විට අමෙරිකාව තුළ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබෙන, චීන සමාගමක් වන DeepSeek විසින් නිර්මාණය කරන ලද AI බලයෙන් ක්‍රියාත්මක වන Chatbot වේදිකාව හඳුන්වා දිය හැකියි. එය පසුගිය 2023 ජූලි මාසයේදී දි ආරම්භ කළ සමාගමක් වූවත්, DeepSeek AI යෙදුම අමෙරිකාවට නිකුත් කර තිබුණේ පසුගිය 10 වනදායි. මේ වන විට ඇපල් උපාංගවල වැඩිපුරම නොමිලේ බාගත කළ යෙදුම බවට එය පත්ව තිබීම විශේෂත්වයක් වේ.

මෙම යෙදුමේ හදිසි ජනප්‍රියතාවය මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් වෙනත් AI සමාගම් හා සසඳන විට DeepSeek හි අඩු පිරිවැය හේතුවෙන් මූල්‍ය වෙළඳපොළවල් කඩා වැටී ඇති බව සඳහන් වේ.


අමෙරිකානු සිලිකන් නිම්න ව්‍යාපාර විශ්ලේශකයන් ප්‍රකාශ කර ඇත්තේ, DeepSeek ට වඩාත්ම විශ්මයජනක හා ආකර්ෂණීය ඉදිරි ගමනක් ඇති බවයි.

https://youtube.com/watch?v=WEBiebbeNCA%3Ffeature%3Doembed

DeepSeek සමාගම පවසන්නේ එහි නවතම AI මාදිලි අමෙරිකා එක්සත් ජනපදයේ කෘතිම බුද්ධි කර්මාන්තයේ ප්‍රමුඛ මාදිලි සමඟ සමාන බවයි. නමුත් ChatGPT වැනි AI මාදිලි නිර්මාණය කිරීමට වැය කළ පිරිවැයෙන් කොටසකක් පමණක් DeepSeek නිර්මාණයට වැයවීම විශේෂත්වයක් වේ.

https://youtube.com/watch?v=8ex2HnnJ6I0%3Ffeature%3Doembed

මෙම යෙදුම පිටුපස සිටින පර්යේෂකයන් පවසා ඇත්තේ එය ගොඩනැගීමට ඩොලර් මිලියන 6 ක් (£4.8) පමණක් වැය වූ බවයි. එය අමෙරිකා එක්සත් ජනපදයේ AI සමාගම් විසින් වියදම් කරන ලද බිලියන ගණනට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් ඔවුන් සඳහන් කරයි.

ගිනිකොනදිග චීනයේ හැංෂෝ නගරයේ ආරම්භ කරන ලද චීන කෘතිම බුද්ධි සමාගමක් වන DeepSeek, මේ වනවිට අමෙරිකානු කෘතිම බුද්ධි කර්මාන්තය උඩු යටිකුරු කිරීමට සමත්ව තිබෙන බව වාර්තා වේ.

චීන සමාගමක් වන DeepSeek හි නැගීම ගැන සඳහන් කරමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය හඳුන්වා ඇත්තේ, DeepSeek  යනු නිදා සිටින අමෙරිකානු තාක්ෂණ කර්මාන්තයට “අවදි කිරීමේ ඇමතුමක්” බවයි. එහි ක්ෂණික නැග්ම , අමෙරිකානු කෘතිම බුද්ධි වෙළෙඳපොලේ දැවැන්තයින්ව කම්පනයට පත් කර තිබෙන බව ඉන් හැඟී යනු ඇත.

https://youtube.com/watch?v=6Apsbe7656w%3Ffeature%3Doembed

Nvidia වැනි ප්‍රධාන තාක්ෂණික සමාගම්වල මේ වනවිටත්, කොටස් තියුණු ලෙස පහත වැටී ඇති අතර, එහි වෙළෙඳපොල වටිනාකමෙන් ඩොලර් බිලියන 500 (£400බි ) කට වඩා අහිමි වී ඇති බව සඳහන් වේ. R1 මාදිලිය එහි අමෙරිකානු ප්‍රතිවාදීන්ගේ පිරිවැයෙන් සුළු කොටසකට නිපදවා ඇති බවට DeepSeek කරන ප්‍රකාශය කර්මාන්තය කම්පනයට පත් කර ඇති බව වාර්තා වේ. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම චීන යෙදුම අමෙරිකාවේ AI ආධිපත්‍යයේ අනාගතය සහ එක්සත් ජනපද සමාගම් සැලසුම් කරන ආයෝජන ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්න මතු කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි