×

රාජකීය සමනළුන් වෙනුවෙන් ජීවිතය දුන් ‌මෙක්සිකෝවේ සමනළ් මිනිසා

“ඇවිත් සොබාදහමේ මේ පුදුමය බලන්න! සූර්යයාට ආදරය කරන්නන්, මළවුන්ගේ ආත්මයන්ගේ [සමනලුන්] සුන්දරත්වය විදින්න ”


සමනළ මිනිසා ගෝමෙස් ගොන්සාලෙස් හැදී වැඩුනේ ශීත සෘතුවේ පයින් ගස් සහ රාජකීය සමනළුන්ගෙන් අලංකාර වුන බටහිර මිචොආකාන් හි කඳුකරයේ පිහිටි කුඩා ගම්මානයක් වන එල් රොසරියෝ හි ය.

සොබා දහමේ අති සුන්දර සහ විශ්මිත නිර්මාණයක් වන  රාජකීය සමනළුන් හෙවත් Monarch Butterfly   විශේෂත්වයන් රැසක් සමග ජීවත්වන  පුදුම හිතෙන සුළු දීර්ඝ සංචාරයක වසරකට වතාවක්  යෙදෙන සමනළුන් විශේෂයකි.

උතුරු ඇමරිකාව හා කැනඩාවට මායිම් වූ රොකී කදු පන්තිය නිජ භුමිය කර ගත් මෙම සමනළුන් සෑම වසරකම ශිත සෘතුවේ ආරම්භයත් සමගම රොකී කදු පන්තිය ආශ්‍රිත ප්‍රදේශයේ සිට උණුසුම් මෙක්සිකෝවේ Michoacán Mountain කලාපයට සංක්‍රමණය වීමට පටන්ගනිි. කිලෝමීටර් 4,800 ක පමණ දුරක් ගෙවා ගොඩබිම් හරහා යන මේ ගමන ඉතා දුෂ්කර ගමනක් වුවත් ඔවුන් කාගේත් අවධානය ගනිමින් මෙක්සිකෝවට අලුත් සුන්දරත්වයත් සෑම වසරකදීම ගෙන එති.

Image result for defender of monarch butterflies found dead two weeks after he vanished
ලෝකයේ මෙතරම් දුරක් ගෙවාගෙන සංක්‍රමණ වෙන එකම සමනල විශේෂය ලෙස සැලකෙන්නේ ද මොනාක් සමනලුන් ‌හෙවත් රාජකීය සමනළුන්ය . ඔවුන් සුරක්ෂා කිරීමේ අරමුණින් ජීවිත පූජාකළ මිනිසුන් දෙදෙනෙකුගේ කථාන්දර මෙම වසරේදී අසන්නට ලැබිණි. රාජකීය සමනළුන්ගේ සුන්දරත්වය වසාලන දුක්බර කථා මේ මිනිසුන්ගේ ජීවිත වල ඇත.

ශීත සෘතුවේදී කැනඩාවේ සහ ඇමරිකාවේ සිට මෙක්සිකෝවේ එල් රොසේරියෝ සමනල් රක්ෂිතයේ කළමනාකාරීත්වය දැරූ හෝමෙරෝ ගෝමේස් ගොන්සාලේස් ජනවාරි 13 වන දින අතුරුදන් වූයේ හිටි හැටියේමය. ඔහු අතුරුදන් වී සති දෙකකට පසු මිකෝවාකාන් ප්‍රාන්තයේ ළිඳක පාවෙමින් තිබූණේ කිසිවෙකුගේ වධ හිංසනයන් හේතුවෙන් ලද තුවාල කැලැල්ද සමගිනි.

ඔහු මෙසේ මරා දැමෙන්නේ මෙක්සිකෝවේ තවත් පාරිසරික ආරක්ෂකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම ප්‍රජාසේවකයන් කවුරුන් කවුරුන් හෝ විසින් ඝාතනය කිරීමේ අනුපාතය අඛණ්ඩව ඉහළ යමින් තිබෙන යුගයකය.

මෙක්සිකෝ ජනපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් පසුගියදා ජනතාවට පොරොන්දු වූයේ පාරිසරික ක්‍රියාකාරිකයන්ට ඒරෙහි ප්‍රහාර නවත්වන බවයි. නමුත් තවමත් ඔවුන්ට එ‌රෙහි ඝාතන සහ ප්‍රචණ්ඩක්‍රියා නැවතී නැත. Global Witness සංවිධානයට අනුව 2018 වසරේදී පමණක් මෙක්සිකානු පරිසර ක්‍රියාකාරීන් 14 දෙනෙකු ඝාතනය කර ඇත.

Image result for defender of monarch butterflies found dead two weeks after he vanished

 

මධ්‍යම මෙක්සිකෝවේ උණුසුම් කාලගුණය තුළ ශීත කාලය පසු කිරීම සඳහා සමනලුන් මිලියන ගණනක් කැනඩාවේ සිට සෑම වසරකම සැතපුම් 2,000 (කි.මී. 3,220) ක සංචාරය අවසානයේ නතර වන්නේ මෙක්සිකෝවේ එවැනි වනාන්තර වලය. නමුත් එදා මෙන් නොව අද දේශගුණික විපර්යාස මෙන්ම නීති විරෝධී දැව ජාවාරම් කරුවන් සහ අලි ගැට පෙර වගාකරුවන්ගේ බාධාකිරීම් නිසා මේ රාජකීය සමනළුන්ගේ ජීවිත වලට දැඩි තටර්ජනයක් එල්ල  වී ඇත.

ගෝමේස් ගොන්සාලේස් ඇතුළු තවත් ක්‍රියාකාරිකයන් මේ ජාවාරම්කරුවන්ගෙන් රාජකීය සමනළුන් බේරාගන්නට ඔවුන්ට විරුද්ධව වසර ගණනාවක් සටන් කළහ. වෙෂිංටන් පෝස්ට් පුවත් පතට අනුව ඝනහිස කෙස් සහ උඩු රැවුලකින් සමන්විත මෘදු හදවතක් තිබූ මේ සමනල් මිනිසා කුඩා කල සිටම වනාන්තරය සිය නිවහන කරගෙන ජීවත් වූයේ ඔහුගේ පවුල් පසුබිමද ඊට සරිලන සේ සකස් වී තිබූ හෙයිනි.

දැව කපන්නන් නතර කළහොත් දරිද්‍රතාව ඉහළ යනු ඇතැයි ඔහු මුලින් විශ්වාස කළද අවසානයේ ඉන් සමනලුන්ට වන හානිය දැක ඔහු අන් අයගෙන් ඉල්ලා සිටියේ දැව කැපීම අත්හැර සමනලුන් රැක ගැනීමට ඔහු හා එක්වන ලෙසයි.

එවිට රැකෙන සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකය සුරක්ෂිත කරනු ඇති බවද ඔහු ඒ්ත්තු ගැන්වීය.
ගෝමේස් සමනළුන්ගේ ආරක්ෂකයා ලෙස බෙහෝ ක්‍රියා සිදු කලේය. සමනළුන් ගැන විස්තර ඔවුන්ගේ හැසිරීම් සහිත වීියෝ පට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කලේය.

අතුරුදහන් වීමට දිනකට පෙර ට්විටර් හි පළ කළ ඔහුගේ අවසන් වීඩියෝ පටයේ හෝමෙරෝ ගොමෙස් ගොන්සාලෙස්  වලාකුළක් මෙන් එකට සිටින සමනලුන් රංචුවක් මධ්‍යයේ සිටගෙන සිටියේය. “ඇවිත් සොබාදහමේ මේ පුදුමය බලන්න! [සමනලුන්) සූර්යයාට ආදරය කරන්නන්, මළවුන්ගේ ආත්මයන්,ගේ සුන්දරත්වය විදින්න ”ඔහු සංක්‍රමණික සමනලුන් පිළිබඳ දේශීය ජනප්‍රවාද ගැන සඳහන් කළේ එලෙසිනි.

හෝමෙරෝ ගොමෙස් ගොන්සාලෙස් ගේ මරණය ගැන මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් නිකුත් කරමින් පරිසර ක්‍රියාකාරියෙකු සහ කවියෙකු වන හෝමෙරෝ අර්ඩ්ජීස් පවසන්නේ ” රක්ෂිතයන් තුළ පවා පරිසරය වෙනුවෙන් කැපවන ක්‍රියාකාරිකයන් පැහැරගෙන ගොස් ඝාතනය කරන්නෝ වෙත්නම් මෙක්සිකෝවේ පරිසරය තව දුරටත් රැකෙනු ඇති බව විශ්වාස කළ හැකිදැයි යන්නය.

කෙසේ වෙතත් ශිත සෘතුවට මෙක්සිකෝව ට පැමිණෙන රාජකීය සමනළුන්ට සුදුසු පරිසරයක් මෙක්සිකෝව තුළ නිර්මාණය කරන්නටත් ඒය විනාශ කරන්නවුන්ට එරෙහිව හඩ අවදිකරන්නටත්
හෝමෙරෝ ගොමෙස් ගොන්සාලෙස් සිදු කළ කැප කිරීම අති මහත්ය. එහෙත් එළැඹෙන ශීත සෘතුවේදීත් අධික දුරක සිට මෙක්සිකෝවට පියඹා එන රාජකීය සමනළුන්ට යළිත් කිසිදාක තමන්ට ආදරය කළ සමනල් මිනිසාව දැක ගන්නට නොහැකි වනු ඇත. එපමණක් නොව සිදු වන විනාශය හේතුවෙන් ඔවුන් තවත් වැඩි කාලයක් මෙක්සිකෝවේ දී ශීත සතුව ගත කිරීමට නොපැමිණේනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි