×

දිල්ලියේ පාසල් වැසේ; උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.4 දක්වා ඉහළට

ඉන්දියාවේ කාලගුණ කාර්යාංශය මේ සතියේ නිවේදනය කර තිබුණේ, දැඩි තාප තරංග තත්වය ඉදිරියේදී ඇතිවනු ඇති බවටයි.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.4 (F117F) දක්වා ඉහළ යාමත් සමඟ ගිම්හාන නිවාඩුව කලින් ලබා දී පාසල් වසා දමා ඇති බව වාර්තා වේ.

හින්දුස්ථාන් ටයිම්ස් විසින් උපුටා දක්වන ලද රජයේ නියෝගයකට අනුව, දින කිහිපයකින් වාරය කපා හැර උෂ්ණාධික උණුසුම හේතුවෙන් වහාම පාසල් වසා දැමු බව කියවේ. මිට අමතරව හර්යානා, මධ්‍ය ප්‍රදේශ්, පන්ජාබ් සහ රාජස්ථාන් ඇතුළු අනෙකුත් ප්‍රාන්තවල ද මේ හා සමානව පාසල් වසා දමා තිබේ.

ඉන්දියාවේ කාලගුණ කාර්යාංශය මේ සතියේ නිවේදනය කර තිබුණේ, දැඩි තාප තරංග තත්වය ඉදිරියේදී ඇතිවනු ඇති බවටයි.

සඳුදා (20)දිල්ලි හි නජාෆ්ගාර් උපනගරයේ 47.4C ඉන්දියාවේ උපරිම උෂ්ණත්වය වාර්තා වූ අතර විශේෂයෙන්ම ළදරුවන්, වැඩිහිටි පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති අයගේ සෞඛ්‍යයට තාපයේ බලපෑම පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි