×

දිල්ලිය ගංවතුරින් යට වේ

වර්ෂාවෙන් හා ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය යයි.


සටහන : සශිකලා මධුෂාණි
ජුලි 03, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිල්ලියට බලපෑ හදිසි වර්ෂාව හේතුවෙන් ඇති වූ මාරාන්තික ගංවතුර තත්වය හේතුවෙන් නවදිල්ලිය ගංවතුරින් යටව ඇති බව වාර්තා වේ.

නවදිල්ලියේ නිරීක්ෂණාගාරය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, පැය 24ක කාලයකදී මිලිමීටර් 228.1ක (අඟල් 9කට ආසන්න) වර්ෂාපතනයක් ලැබුණු බවත් එවැනි වර්ෂාවක් පසුගිය වසර කිහිපයේම නොලැබුන බවත්ය.

පසුගිය සතියේ වර්ෂාවෙන් හා ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගිය අතර ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග ගංවතුර, මෝටර් රථ සහ උමං මාර්ග ජලයෙන් යටවී නගරයේ සමහර ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී ඇත.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇසෑම්, මේඝලය, බටහිර බෙංගාලය, සිකිම්, බිහාර් සහ අරුනාචල් ප්‍රදේශ් යන ඊසානදිග ප්‍රාන්තවල කොටස් සඳහා අධික වර්ෂාපතනයක් ඇදහැලෙන බවට රතු අනතුරු ඇඟවීම් නිවේදන කිකුත් කර ඇති අතර මෙම තත්වය ජූලි 4 දක්වා පවතිනු ඇති බවට විශ්වාස කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි