×

කොංගෝහි සමූල ඝාතනයකින් 272ක් මරුට

මෙම මරණ අතර ඇඩ්වෙන්ටිස්ට් පල්ලියක සහ රෝහලක ළමයින් විශාල පිරිසක් මරා දමා ඇති බව වාර්තා වේ.


පසුගිය සතියේ නැගෙනහිර කොංගෝවේ කිෂිෂේ නගරයේ සිදුවූ සමූල ඝාතනයකින් සාමාන්‍ය වැසියන් 272 දෙනෙකු මිය ගිය බව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) නිවේදනය කර තිබේ.

මෙම නව මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කර්මාන්ත අමාත්‍ය ජූලියන් පලුකු ප්‍රකාශයට පත් කරන ලදි.
මෙම මරණ අතර ඇඩ්වෙන්ටිස්ට් පල්ලියක සහ රෝහලක ළමයින් විශාල පිරිසක් මරා දමා ඇති බව වාර්තා වන අතර නීතිපතිවරයා විසින් අදාළ මරණ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.


මෙම සමූලඝාතනය සම්බන්ධයෙන් රජය විසින් M23 කැරලිකාර කණ්ඩායමට චෝදනා කරන අතර ඔවුන් විසින් එය ප්‍රතික්ෂප කර තිබේ. M23 කැරලිකරුවන් නම් කර ඇත්තේ ඔවුන් 2009 මාර්තු 23 වන දින කොංගෝ රජය සමඟ අත්සන් කළ සාම ගිවිසුමකට අනුව, ඔවුන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා වූ ජාතික කොංග්‍රසය (CNDP) ලෙස හඳුන්වන කණ්ඩායමක කොටසක් ලෙස සටන් කරමින් සිටියි.

මෙම කැරළි කරුවන් සුළුතර ටුට්සි වාර්ගික කණ්ඩායමට අයත් වේ. ඔවුන් අසල්වැසි රුවන්ඩාවේ ටුට්සිවරුන් සමඟ සමීප සබඳතා පවත්වන මුත්, රුවන්ඩා රජය කැරලිකරුවන්ට සහාය දෙන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේ කියා සිටියේ නොවැම්බර් 29 වන දින කිෂිෂේ හි ඇතිවූ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් පිළිබඳ තොරතුරු පමණක් ලබා දී ඇති බවත් ඊට සම්බන්ධ සංඛ්‍යා ලේඛණ වාර්තා කිසිවක් ලබා දී නොමැති බවයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම පසුගිය සතියේ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ වාර්තා හෙළා දුටු අතර, මෙය ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ අපරාධයක් බවත් අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස සියලුම නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට විය.


හමුදාව සමඟ M23 කැරලිකාර කණ්ඩායම රටේ නැගෙනහිර ප්‍රදේශයේ මාස ගනනාවක් සටන් වැදී ඇති අතර නරක අතට හැරෙන මානුෂීය තත්ත්වයන් මධ්‍යයේ දස දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන්ව ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවස්ථා ගණනාවකදී අනතුරු ඇඟවීම් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි