සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජෝ බයිඩන්ගෙන් අනතුරුව ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂන්කත්වයට පත්ව විශාල ජනතා ආකර්ශනයක් ලබා ගැනීමට සමත්වූ කමලා හැරිස් ගේ ජනප්‍රියත්වය මේ වන විට හීන වී යන බව වාර්තා වේ.
දිනෙන් දිනම ජනාධිපති තරඟය තීරණාත්මක වීමත්, වටිනා සම්පත් යෙදවිය යුත්තේ කොතැනද සහ කෙසේද යන්න පිළිබඳව වාද විවාද ඇතිවීමත් සමඟ ඇයගේ මැතිවරණ ව්‍යාපාරය මඩේ සිරවී ඇති බවට වැඩෙන හැඟීමකින් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කනස්සල්ලට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
හැරිස්ගේ කඳවුර වඩාත් තරඟකාරී යුධ පිටියේ ප්‍රාන්ත හතක ගැටගැසී ඇති අතර ක්විනිපියාක් විශ්ව විද්‍යාලයේ නව සමීක්ෂණ තුනකට අනුව, හැරිස් පෙන්සිල්වේනියා, මිචිගන් සහ විස්කොන්සින් යන බ්ලූ වෝල් ප්‍රාන්ත හරහා දැඩි තරඟයක යෙදී සිටී.
හැරිස් උපදේශකයින් බොහෝ විට ප්‍රසිද්ධියේ ම මෙම තත්වය ප්‍රතික්ෂේප කරමින් තරඟය මැතිවරණ දිනය දක්වාම පවතිනු ඇති බවත්, තිරය පිටුපස සිටිමින් හැරිස්ගේ ප්‍රචාරක නිලධාරීන් එම පදනම සකස් කර ගැනීමටත්, අතීත වැරදි නැවත නොකිරීමට උපාය මාර්ග සම්පාදනය කරමින් සිටින බවත් සඳහන් කර තිබේ.