×

ට්‍රම්ප් නම් ඒ ව්‍යාධිවේදයෙන්ම මුසාබස් දොඩන්නා!

ඇමරිකාවට සදා සහය පළකල කුර්දි සහචරයින් ගේ ජීවිත අනතුරේ හෙලූ බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ චෝදනා කරති.


ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු සිරියායෙන් ඇමරිකානු හමුදා බලඇණි ඉවත් කර ගැනීමට ගත් තීරණයට එරෙහි දැඩි විරෝධයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. 

ඒ ඇමරිකාවේ එළඹෙන 2020 ජනාධිපතිවරණය සඳහා පසුගිය අඟහරුවාදා (15) ඔහයෝ ප්‍රාන්තයේ පැවති මහජන වේදිකා විවාදයට එක්වූ අවස්ථාවේ ය.

ට්‍රම්ප් ගේ ක්‍රියාකලාපය තුළින් රුසියාවේ හා සිරියාවේ සතුරු බලවේග සවිබල ගැන්වූ බවත් ඇමරිකාවට සදා සහය පළකල කුර්දි සහචරයින් ගේ ජීවිත අනතුරේ හෙලූ බවටත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් චෝදනා කරන ලදී.

උතුරු සිරියාවෙන් ඇමරිකාන් හමුදා බලඇණි ඉවත් කර ගන්නා බවට ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් අනතුරු ව පැවති පළමු 2020 ජනාධිපතිවරණ විවාදයේදී ඩිමොක්‍රටික් අපේක්ෂකයින් 12 දෙනෙකු ට්‍රම්ප් ගත් තීන්දුව විවේචනය කිරීමට පෙරමුණ ගත් අතර, එදා ඔවුන් පෙන්වා දුන්නේ ඔහුගේ ක්‍රියාකලාපය තුළින් මුළුමහත් ජාත්‍යන්තර ප්‍රජාවක් ඉදිරියේ ඇමරිකාව සමච්චලයට හා අනතුරට ලක්කොට ඇති බවයි. කෙසේවෙතත්, මැසචුසෙට්ස් සෙනට් සභික එලිසබෙත් වොරන් වැනි ඇතැම් ප්‍රමුඛ පෙළේ ට්‍රම්ප් ප්‍රතිවාදීන් මීට පරස්පර අන්දමින් පවසා සිටියේ තමා ජනාධිපති නම් මැදපෙරදිග සිටින ඇමරිකානු බලඇණි ඉවත් කර ගැනීමට කටයුතු කරනු ඇති බවයි. 

එහෙත් වොරන් මෙසේ ද පවසා සිටියාය. “ට්‍රම්ප් ඒකාධිපතිත්වයට ඇබ්බැහි වී ඇත. ඔහු බොහෝ විට තමාගේම කණ්ඩායමට නොතේරෙන ආවේගශීලී තීරණ ගෙන ඇත. ඔහු අපේ සගයන් කපා දමා දුව ගොස් ඇත. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ වියදමින් ධනවත් වී ඇත.”

වර්මොන්ට් හි එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු වන සෙසු ප්‍රගතිශීලී බර්නි සැන්ඩර්ස් ද ට්විටර් පණිවුඩයක් මගින් ට්‍රම්ප් ගේ මෙම ක්‍රියාකලාපය දැඩි අන්දමින් විවේචනය කර තිබිණි. සැන්ඩර්ස් පවසා සිටියේ ඇමරිකවේ විදේශ ප්‍රතිපත්තීන් හා හමුදා ප්‍රතිපත්තීන් වල පවතින ශක්තිමත්භාවය ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ව්‍යාධිවේදයෙන්ම මුසා බස් දොඩන්නා (pathological liar) විසින් විනාශ කර දමා ඇති බවයි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි