×

යුරෝපා සංගමය විසින් නව ඩිජිටල් සේවා පනතක් (DSA) හඳුන්වා දේ

ඩිජිටල් සේවා පනත යනු අන්තර්ගත නියාමනය සහ සබැඳි හානිවලින් පරිශීලකයින් ආරක්ෂා කිරීම සඳහා ලෝක ව්‍යාප්ත ප්‍රමිතියක් සකසන පෙරළිකාර නීති පඥප්තියක් වේ.


ෆේස්බුක් සමාජ මාධ්‍ය යුගය ආරම්භ වී දශක දෙකකට ආසන්න කාලයකට අනතුරුව, යුරෝපා සංගමය ලොව විශාලතම අන්තර්ජාල සංසදයන් පිරිසිදු කිරීම සඳහා නිර්මාණය කර ඇති අභිලාෂකාමී නීති පද්ධතිය ඩිජිටල් සේවා පනත (DSA) මඟින් හඳුන්වා දී තිබේ.


ඩිජිටල් සේවා පනත යනු අන්තර්ගත නියාමනය සහ සබැඳි හානිවලින් පරිශීලකයින් ආරක්ෂා කිරීම සඳහා ලෝක ව්‍යාප්ත ප්‍රමිතියක් සකසන පෙරළිකාර නීති පඥප්තියක් වේ.


පනතේ විධිවිධානවලට ඇතුළත් වන්නේ, ස්ත්‍රී ද්‍රෝහීත්වය, දරුවන් ආරක්ෂා කිරීම, Amazon වැනි අන්තර්ජාල වෙළඳපලවල අලෙවි කරන නිෂ්පාදන ව්‍යාජ ඒවා නොවන බව සහතික කිරීම මඟින් පාරිභෝගික වංචා නැවැත්වීම, සාවද්‍ය තොරතුරු මැඩපැවැත්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ආරක්ෂා කිරීම අරමුණු වේ.


මෙම පනතෙහි විධිවිධානයන් උල්ලංඝණය කරන්නේ නම් 6% ක දඩයක් සහ බරපතල අවස්ථාවල සේවාව තාවකාලිකව අත්හිටුවීමේ තර්ජනය දරයි. පනත උල්ලංඝණය කිරීම නිසා පරිශීලකයින්ට සිදුවන ඕනෑම හානියක් සඳහා වන්දි ඉල්ලා සිටීමට හැකි වනු ඇත.

මාසිකව මිලියන 45 කට වඩා වැඩි ක්‍රියාකාරී පරිශීලකයින් සිටින ඉතා විශාල අන්තර්ජාල වේදිකා වෙනුවෙන් මෙම පනත බලාත්මක වන අතර Facebook, Instagram, Google, TikTok සහ Amazon ඇතුළත් විය හැකිය. කෙසේ නමුත් ලබන වසරේ මුලදී මෙම කාණ්ඩය සඳහා සුදුසුකම් ලබන්නේ කුමන වේදිකාද යන්න තීරණය කරනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි