×

ලොවක් කැළඹූ අනුවේදනීය ඡායාරූපය -‘ ඔබේ කැත දරුවන් මෙහි දමා යන්න!“

කැළී කසළ බැහැර කරනවා වගේ ‘කැත දරුවන්‘ මහ මගට විසි කර දමා ගිය කැත ඉතිහාසයක් මානවයාට තිබෙනවාද..?


ඔබේ ‘කැත දරුවන්‘ මෙහි දමා යන්න! මේ ඇඟ කිළිපොළන ඡායාරූපය සත්‍යයක්ද?

මෙහි සඳහන් වන ආකාරයට අනවශ්‍ය දරුවන්, නොඑසේ නම් ‘කැත දරුවන්‘ කසළ ගොඩට විසි කරනවා සේ ප්‍රධාන නගරවල ඉතිහාසයේ එක් කලෙක ප්‍රසිද්ධ ස්ථානවල දමා යා හැකිව තිබුණා. ඒ සඳහා වෙනම ‘කුණු බක්කි‘ සවි කර තිබුණා. ‘අග්ලි ලෝ‘ නමැති නීතිය යටතේ එයට අවසර ලබාදී ඇති බවත් පැවසුණා.

‘අග්ලි ලෝ‘ Ugly law හෙවත් ‘අවලස්සන නීතිය‘ට ඉතිහාසයක් තිබෙනවා. 1700 ගණන්වල පටන් 1970 යුගය දක්වා ලෝකයේ සංවර්ධිත යැයි කියන රටවල් ගණනාවක මේ නීතිය ක්‍රියාත්මක වුණා. ඇත්තෙන්ම මෙය යොදාගත්තේ ලංකාවේ පාඩද ආඥා පනත මෙන් අයාලේ යන පුද්ගලයන් සහ හිඟමන් යදින පුද්ගලයන් ජන ආශ්‍රෙයන් ඉවත් කරන්ටයි. ඔවුන් මහජනයාට ඇස ගැටීමට නුසුදුසු බවට මතයක් තිබුණා.

නමුත් අනවශ්‍ය දරුවන් ව මේ අන්දමින් විසි කර දැමූ යුගයක් ලෝක ඉතිහාසයේ තිබුණාද?

මේ ඡායාරූපය දෙස හොඳින් බලන්න.. මෙය, අතිශය දක්ෂ ග්‍රැෆික් ශිල්පියෙකු විසින් විකෘතිකරණය කළ ( digital manipulation ) නිර්මාණයක්.

මේ, ලෝකය කැළඹූ මෙම ඡායාරූපයේ ඇත්ත කතාවයි.

“History in Pictures” නමැති ට්විටර් ගිණුම මගින් පළ කෙරුණු මෙම ඡායාරූපය ලෝකයේ විශාල කැළඹිල්ලක් ඇති කරන්නට පටන් ගන්නේ 2015 නොවැම්බර් මාසයේදීයි. නමුත් අවම වශයෙන් 2007 වසරේ පටන් මේ ඡායාරූපය එතරම් ප්‍රසිද්ධියක් නැතිව නමුත් අන්තර්ජාලය තුළ පැවතුණා. උදාහරණයක් වශයෙන් LOLHome  නමැති වෙබ් අඩවිය මෙම ඡායාරූපය පළ කර තිබුණා.

එතකොට සත්‍ය ඡායාරූපයේ තිබුණේ මොනවාද?

මුල් ඡායාරූපය එසේත් නැතිනම් සත්‍ය ඡායාරූපය අයිති වන්නේ 1928 වර්ෂයටයි. එහි ඇත්තෙන්ම සිදුවී තිබුණේ “PLEASE KEEP OFF THE GRASS” නමැති පුවරුවක් අසල තිබූ බින් එකක් තුළට කුඩා දරුවෙකු බැස තිබීමයි. පුවරුවේ සඳහන් දේ ගැන හාංකවිසියක්වත් නොදන්නා පුංචි දැරිය, සෙල්ලමට මෙන් ඒ තුළට බැස තිබුණා. ඇත්තෙන්ම එය හොඳ ප්‍රහසන ඡායාරූපයක්.

දක්ෂ ඩිජිටල් මැනිපියුලේටර් කෙනෙකු විසින් මෙහි පුවරුවේ සඳහන් පාඨය වෙනස් කර තිබීම නිසා තමයි, මේ සමග දැක්වෙන ප්‍රධාන ඡායාරූපය බිහි වුණේ.

Getty Imagesවල “Best of News” කාණ්ඩය යටතේ අදටත් මේ සත්‍ය ඡායාරූපය දැක ගන්න පුළුවන්. එහි දිනය සඳහන් වන්නේ 1928 ඔක්තෝබර් 1 වැනිදා යනුවෙන්. එහි මාතෘකාව, ‘‘උද්‍යානයක කසළ බඳුනක් තුළ සිටගෙන සිටින දරුවෙක්‘
“A child standing in a park rubbish bin”

ඉතින් මේ තිබෙන්නේ එම සත්‍ය ඡායාරූපයයි.

1st October 1928: A child standing in a park rubbish bin. (Photo by Fox Photos/Getty Images)

ඩිජිටල් මැනිපියුලේෂන්, එහෙමත් නැතිනම් ඩිජිටල්කරණය මගින් ඡායාරූප වෙනස් කිරීමේ තාක්ෂණය ඇතැම්විට නූතන ඡායාරූප ශිල්පයේ නව මානයක් ලෙස හදුන්වනවා. නමුත් එමගින් කොයි තරම් දුරට සත්‍යය විකෘති කළ හැකිද සහ, ලෝකයා රැවටිය හැකිද යන්නට මේ ඡායාරූපය හොඳ උදාහරණයක්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි