×

Dominion Voting Systems ට්‍රම්ප්ගේ පුද්ගලි​ක නීතීඥ ජියුලියානිට එරෙහිව නඩු පවරයි

“ඩොමීනියන් හි නිර්මාතෘන්​ට සහ සේවකයින්ට හිරිහැර හා මරණ තර්ජන එල්ල වී ඇති අතර මේ හේතුවෙන් ඩොමීනියන් සමාගමට පෙර නොවූ විරූ හා යළි වෙනස් කළ නොහැකි හානියක් සිදුවී තිබේ." නඩුවෙහි සඳහන් වේ.


ට්‍රම්ප් සහ ඔහුගේ සගයන් විසින් ඉදිරිපත් කරන පරිදි පදනම් විරහිත මැතිවරණ වංචා කුමන්ත්‍රණ න්‍යායන්ට අයත් ඡන්දය ප්‍රකාශ කිරීමේ මෘදුකාංග හා යන්ත්‍ර නිෂ්පාදකයා වන Dominion Voting Systems – ඩොමීනියන් ඡන්ද පද්ධති සමාගම විසින් හිටපු ජනාධිපති ට්‍රම්ප් පුද්ගලික නීතිඥ රූඩි ජියුලියානිට එරෙහි​ව ඩොලර් බිලියන 1.3 ක අපහාස නඩුවක් ගොනු කර තිබේ.

පිටු 107 කින් යුත් පැමිණිල්ල සඳුදා ෆෙඩරල් උසාවියේ ගොනු කර ඇති අතර, එය නිව්යෝර්ක් නගරයේ හිටපු නගරාධිපතිවරයාට සමාගමේ ඡන්ද යන්ත්‍ර සම්බන්ධව කුමන්ත්‍රණ න්‍යායක් නිර්මාණය කර ව්‍යාප්ත කිරීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇත.

“ඩොමීනියන් හි නිර්මාතෘන්​ට සහ සේවකයින්ට හිරිහැර හා මරණ තර්ජන එල්ල වී ඇති අතර මේ හේතුවෙන් ඩොමීනියන් සමාගමට පෙර නොවූ විරූ හා යළි වෙනස් කළ නොහැකි හානියක් සිදුවී තිබේ.” නඩුවෙහි සඳහන් වේ.

ඩොමීනියන් සමාගම හා එහි යන්ත්‍ර ගැන ජියුලියානි විසින් කරන ලද ප්‍රකාශ 50 කට වැඩි සංඛ්‍යාවක් සමාගමට එරෙහි අපහාසයන් ලෙස ඔවුන් විස්තර කරයි. එක්සත් ජනපදයේ කැපිටල් හී ඇති වූ කැරැල්ලකට පෙර ජනවාරි 6 වන දින ඔහු වොෂිංටන්හි පැවති රැලියකදී කළ ප්‍රකාශ, ෆොක්ස් බිස්නස් හි පෙනී සිටිමින් කළ ප්‍රකාශ මෙන්ම සමාජ මාධ්‍ය තුළ සිදු පළ කිරීම් ද මෙයට ඇතුළත් ය.

මැතිවරණ වංචා පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් පසු සමාගමෙන් නඩු පැවරීමට මුහුණ දුන් දෙවන ට්‍රම්ප් පාක්ෂිකයා ජියුලියානි ය. අසාර්ථක නඩු මාලාවක් දියත් කළ සහ මැතිවරණ අඛණ්ඩතාව පිළිබඳ ව්‍යග්ධ ප්‍රකාශ ඉදිරිපත් කළ නීතිඥ සිඩ්නි පවෙල්ට ද ඩොමීනියන් සමාගම විසින් ඩොලර් බිලියන 1.3 ක් සඳහා නඩු පවරා ඇත.

පසුගිය සතියේ ගුවන් විදුලි වැඩසටහනක් අතරතුරදී සිය නිදහසේ කතා කිරීමේ අයිතිය පාවිච්චි කිරීම සහ සිය සේවාදායකයා ආරක්ෂා කිරීම නිසා තමාට පහර දෙන බව පවසමින් ජියුලියානි මැතිවරණය පිළිබඳ ඔහුගේ බොරු ප්‍රකාශයන් වෙනුවෙන් දිගටම පෙනී සිටියේය. සඳුදා ඔහු කියා සිටියේ ඊට ප්‍රතිචාර වශයෙන් ඔහුද නඩු පවරන බවයි. ඩොමීනියන් සමාගමේ මෙම ක්‍රියාව, සමාගමේ ඉතිහාසය, මූල්‍ය සහ භාවිතයන් සම්පූර්ණයෙන් විමර්ශනය කිරීමට ඔහුට ඉඩ සලසන බව ජියුලියානි පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි