×

පවුලත් එක්ක බංකරයට ගියේ බයේ හැංගෙන්න නෙවෙයි පරීක්ෂා කරන්න – ඩොනල්ඩ් ට්‍රම්ප්

පසුගිය 29 වැනිදා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ සාමාජිකයන්ද සමග ධවල මන්දිරයේ භූගත බංකරය වෙත ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අතර එම පුවත ඉතා වේගයෙන් ලෙස ලොවපුරා ප්‍රචලිත විය.


පසුගිය 29 වැනිදා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ සාමාජිකයන්ද සමග ධවල මන්දිරයේ භූගත බංකරය වෙත ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අතර එම පුවත ඉතා වේගයෙන් ලෙස ලොවපුරා ප්‍රචලිත විය.

කළු ජාතිකයෙකු පොලිස් පහරදීම් හමුවේ මරණයට පත්වීමත් සමග ඇමරිකාව පුරා කලු-සුදු භේදයකින් තොරව ජනතාව විරෝධතා පවත්වමින් සිටින අතර මේ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂාව පතා භූගත බංකරය වෙත ගොස් ඇති බවට පුවත් පළවිය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ තමන් බංකරය වෙත ගියේ සැඟවීමට නොවන බවයි. තමා එම බංකරයේ පැයක පමණ කාලයක් රැඳී සිටි බවත් ඉන්පසු නැවතත් උඩු මහළට පැමිණි බවත් ඔහු පවසා තිබෙනවා.

කළු ජාතිකයා මරණයට පත්වීමත් සමග එල්ල වූ විරෝධතා සමනය කිරීමට ට්‍රම්ප් අසමත් වී ඇති අතර අදාල ඝාතනයෙන් පසුව ට්‍රම්ප් විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ හේතුවෙන් විරෝධතාකරුවන්ගේ ට්‍රම්ප් පිළිබඳ දැඩි වෛරසකින් පසු වෙනවා. මේ අතර සාමකාමීව විරෝධතා දැක්වූවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවටද ඇමරිකානු ජනාධිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප් පවසන්නේ එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි