×

ට්‍රම්ප් කුරුල්ලන් බිලියන ගණනක ජීවිත අනතුරේ දමයි

උතුරු ඇමරිකාවේ කුරුල්ලන් බිලියන 7.2 ක් අතරින් වාර්ෂිකව කුරුල්ලන් මිලියන 450 ත් 1.1 ත් අතර ප්‍රමාණයක් කර්මාන්ත මූලාශ්‍රවලින් මිය යයි.


 

වසර සිය ගණනකටත් වඩා පැරණි, ඇමරිකාවේ වනාන්තර ආශ්‍රිත පක්ෂීන් සුරක්ෂිත කිරීම සදහා වූ නීතිය ට්‍රම්ප් පාලනය විසින් වෙනස් කිරීම සදහා අවසන් තීරණය පසුගිය බ්‍රහ්ස්පතින්දාවේ ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව සංක්‍රමණික කුරුලු ගිවිසුම් පනත  වෙනස් කිරීමත් සමග එරට පක්ෂීන් බිලියන ගණනක් මිය යනු ඇති බවට එරට පරිසර සංවිධාන විසින් අනතුරු අඟවා ඇත.

ට්‍රම්ප් පාලනයේ මෙම තීරණයත් සමග මෙතෙක් විවිධ කාර්මික කටයුතු සහ කර්මාන්ත වල බලපෑමෙන් මිය යන පක්ෂීන්ගේ ආරක්ෂාව සම්බන්ධව මැදිහත් වීමට රජයට තිබූ බලතල සහ රජයේ මැදිහත්වීම  අවම කර ඇත. ෆෙඩරල් වනජීවී නිලධාරීන් පවසන්නේ ට්‍රම්ප් පාලනය විසින් ගත් මෙම පියවර නිසා තෙල් වලවල් වලට ගොඩබසින හෝ විදුලි රැහැන් හෝ වෙනත් ව්‍යුහයන් සමඟ ගැටෙන පක්ෂීන් වැඩි ප්‍රමාණයක් මිය යා හැකි බවයි.

මීට පෙරද මෙම සංක්‍රමණික පක්ෂීන් සම්බන්ද ගිවිසුම් පනත වෙනස් කිරීම සදහා ට්‍රම්ප් පාලනය විසින් ගත් උත්සහය එක්සත් ජනපද අධිකරණය විසින් අවහිර කරනු ලැබිණ. ඇමරිකා එක්සත් ජනපදයේ කාර්මික සහ නිෂ්පාදන කණ්ඩායම් විසින් කාලයක් තිස්සේ සිදු කරන ලද ඉල්ලීමක් අනුව පක්ෂීන්ගේ ආරක්ෂාව සම්බන්දව රජයේ බලතල අවම කිරීම මේ අනුව සිදු වේ.

මෙතෙක් පැවති නීතිය මගින් පක්ෂීන් දහසට අධික ප්‍රමාණයක් සුරක්ෂිත කරනු ලැබීය. නමුත් නීතිය වෙනස් කිරීම මගින් පක්ෂීන්ට මුහුණ දෙන්නට සිදු වන අනාරක්ෂීත බව පිළබදව එරට පක්ෂී නිරීක්ෂකයින් මිලියන 46ක් නියෝජනය කරන පරිසර සංවිධාන විසින් විරෝධතාව එල්ල කර කරනු ලැබිණ.

මෙක්සිකෝ බොක්කෙහි ලුසියානා නගරයට ඔබ්බෙන් වූ මුහුදු වෙරළේ ඇතිවූ පිපිරීමෙන් ඇති වූ 2010 තෙල් කාන්දුව කුරුල්ලන් 100,000 ක් පමණ මරා දැමිණ. ඒ පිළිබදව නීතිය ක්‍රියාත්මක කරන ලදී

ඔවුන් පවසා සිටින්නේ මේ සම්බන්ධව නීති නැවත සකස් කිරීම කෙරෙහි එරට ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන්ට බල කර සිටින්නට බලාපොරොත්තු වන බවයි.

එක්සත් ජනපදයේ වන ජීවී සේවා අධ්‍යක්ෂ ඩෑන් ඈෂ් පවසන්නේ ට්‍රම්ප් පාලනය විසින් ගනු ලැබූ මෙම තීරණය නිසා විශාල කුරුල්ලන් පිරිසක් මරණයට පක් විය හැකි සේම ඉදිරි දශක කිහිපය තුළ පක්ෂීන් බිලියන ගණනක් ඇමරිකාවට අහිමි වනු ඇති බවයි. උතුරු ඇමරිකාව පුරා දැනටමත් කුරුලු විශේෂ රැසකගේ අඩු වීමක් දක්නට ලැබෙන බව ඔහු ප්‍රකාශ කරයි.

එක්සත් ජනපද මත්ස්‍ය හා වනජීවී සේවය හා මෑත අධ්‍යයනයන්ට අනුව, උතුරු ඇමරිකාවේ කුරුල්ලන් බිලියන 7.2 ක් අතරින් වාර්ෂිකව කුරුල්ලන් මිලියන 450 ත් 1.1 ත් අතර ප්‍රමාණයක් කර්මාන්ත මූලාශ්‍රවලින් මිය යයි. වනජීවී නිලධාරීන්ගේ සහයෝගයෙන් වැඩ කිරීමෙන් මෑත දශක කිහිපය තුළ කුරුලු මරණ අවම කිරීමට බොහෝ සමාගම් උත්සාහ කර ඇති නමුත් එවැනි ප්‍රයත්නයන් සඳහා සහභාගී වීමට ඇති පෙළඹවීම නීතිය මගින් අවම කර ඇත.

1918 වසරේදී මෙම සංක්‍රමණික පක්ෂි නීතිය හදුන්වා දෙනු ලැබුවේ බොහෝ එක්සත් ජනපද පක්ෂි ජනගහනය දඩයම් කිරීම මගින් මරණයට පත්වීමෙන් පසුවය. එයින් වැඩි ප්‍රමාණයකගේ ජීවිත අහිමි වූයේ කාන්තාවන්ගේ හිස් වැසුම් නිපදවීම සඳහා පිහාටු සඳහා ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි