×

” මගෙන් අහන්නෙපා… ඒක චීනයෙන් අහන්න” ට්‍රම්ප් ගේ කේන්තිය

.


පසු ගිය සදුදා දින ධවල මන්දිරයේ රෝස් ගාර්ඩ්න් හී දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමරිකානු ජනපතිවරයාව අභියෝගයට ලක් කරමින් ඇසූ ප්‍රශ්නයක් හදිසියේම එම පුවත් පත් සාකච්ඡාව නැවැත්වීමට හේතුවක් විය.

ප්‍රශ්නෝත්තර සැසියකදී සීබීඑස් ප්‍රවෘත්ති සේවයේ ධවල මන්දිර වාර්තාකරු වීජියා ජියැන්ග් විමසුවේ, වෛරසය සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාකිරීමේදී එක්සත් ජනපදය වෙනත් ඕනෑම රටකට වඩා හොඳින් කටයුතු කරන බව ජනාධිපතිවරයා නිරන්තරයෙන් අවධාරණය කරන්නේ මන්ද යන්නයි.

“එය වැදගත් වන්නේ ඇයි?” ඇය විමසුවාය. “සෑම දිනකම ඇමරිකානුවන්ට තවමත් ජීවිත අහිමි වෙමින් පවතින අතර, අපි තවමත් දිනපතා තවත් සිද්ධීන් දකින්නේ නම් මෙය ඔබට ගෝලීය තරඟයක් වන්නේ ඇයි?”

ඇය ගේ ප්‍රශ්නය හමුවේ උරණ වූ ට්‍රම්ප්ගේ පිළිතුර වූයේ “හොඳයි, ඔවුන් ලෝකයේ සෑම තැනකම ජීවිත අහිමි කරමින් සිටිනවා. ඒ නිසා එය ඔබ චීනයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. මගෙන් අහන්න එපා. චීනයෙන් ඒ ප්‍රශ්නය අසන්න. ඔබ චීනයෙන් එම ප්‍රශ්නය ඇසූ විට ඔබට අසාමාන්‍ය පිළිතුරක් ලැබෙනු ඇත. ” යනුවෙනි.

ට්‍රම්ප් මෙවැනි පිළීතුරක් ලබා දුන්නේ මන්දැයි මාධ්‍යවේදිනිය දිගින් දිගටම ප්‍රශ්න කළාය . නමුත් ඇයට නිසි පිළිතුරක් ලබා නොදෙමින් ජනපතිවරයා විසින් ඇයව විවේචනයට පක් කලේ වැඩකට නැති ප්‍රශ්නයක් ඇසුවෙක් ලෙසිනි.

ඒත් සමග ජනපතිවරයා ඇයට විරෝධය දක්වමින් සිය මාධ්‍ය සාකච්ඡාව අවසන් කර සාකච්ඡාවෙන් පිටත්ව ගියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි