BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

‘අම්මේ, මම ඔබ වැළඳ ගනිමි..‘‘ : 2020 බූකර් සම්මානය ‘ෂගී බේන්‘ විසින් දිනා ගනියි.

2020 වසරේදී සාහිත්‍යය සඳහා පිදෙන බුකර් ත්‍යාගය ඩග්ලස් ස්ටුවර්ට් විසින් රචිත ‘ෂගී බේන්‘ නම් කෘතිය විසින් දිනා ගෙන තිබේ.

ඔහු ගේ ප්‍රථම නවකතාව වන මෙය 1980 දශකයේ දී ග්ලාස්ගොව් නුවර සිට, ඇබ්බැහිවීමට සහ ද්‍රරිද්‍රතාවට ගොදුරුව සිටින තම මවට උදවු කරන පිරිමි ළමයකු ගේ කතාවකි.

විනිශ්චය මඩුල්ලේ මුල් පුටුව හොබවන මාගරට් බස්බි විනිශ්‍චයකාරවරුන් ගේ තීරණය ඒකඡන්දයෙන් පැමිණියක් බව ද, ඔවුන් තීරණය කරන්නට පැයක් පමණක් ගත් බව ද ප්‍රකාශ කළා ය.

මේ ග්‍රන්ථය “අභියෝගාත්මක යි,  ළබැඳියි, සිත් ඇදගන්නාසුලු යි… මෙය කියවන ඕනෑම කෙනෙකුට එලෙස හැඟේවි” යැයි ඇය තවදුරටත් පැවසුවා ය.

හතළිස් හතර වියැති ස්ටුවර්ට් පවසන්නේ තමන්, මෙම ජයග්‍රහණය නිසා පුදුමයටත් තිගැස්මටත් පත්ව සිටින බවයි.

සිය නවකතාව ‘අඩුපාඩු සහිත දෙමාපියන් වෙත දරුවන් දක්වන කොන්දේසි විරහිත සහ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් වන ආදරය ගැන කතා කරන ආදර කතාවක්‘ යැයි ද ඔහු කියයි.

ඩග්ලස් ස්ටුවර්ට්ගේ මව, දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිට මිය යන්නේ ඔහු 16 හැවිරිදි ව සිටියදී ය. සිය කෘතිය මෙන්ම බුකර් ත්‍යාගය ද ඔහු පිළිගන්වන්නේ අද ජීවතුන් අතර නැති ඇය වෙනුවෙනි.

බුකර් සම්මානය එදා මෙදාතුර දිනාගත් දෙවැනි ස්කොට් ජාතිකයා බවට ද ඩග්ලස් ස්ටුවට් මේ අනුව පත්වෙයි. ස්කොට්ලන්තයේ උපන් ඔහු, කටුක ළමා වියක් අත්දුටුවේ දෙමාපියන්ගේ යුගදිවියේ ගැටළු නිසා ය. පසුව ඔහුගේ මව සහ පියා දික්කසාද වන අතර, මව දැඩි සේ මත්පැන් පානයට ඇබ්බැහි වන්නේ විවාහය බිඳ වැටීමෙන් පසුව ය.

විලාසිතා ක්ෂේත්‍රයේ නියැළීම සඳහා නිව්යෝක් නුවරට පැමිණ එහි පදිංචි වූ ස්ටුවර්ට්, මේ නවකතාව වසර 10 ක් තිස්සේ ලියා ඇත. ඇත්තෙන්ම එය ඔහුගේ ජීවිත අත්දැකීම් සහ ජීවිත කතාව ඇසුරෙන් ලියැවුණු අර්ධ ප්‍රබන්ධයක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

2020 බූකර් ත්‍යාගය සඳහා නාය යෝජනා දිනාගත් කතුවරුන් “වැළඳ ගන්නට” තමන්ට අවශ්‍ය බව ඔහු හැඟීම්බර ලෙස කියා තිබේ.

පහත දැක්වෙන්නේ මේ වසරේ බුකර් සම්මානය සඳහා නාමයෝජනා ලැබූ කතුවරුන් සයදෙනා ය.

වමේ සිට, Tsitsi Dangarembga, Avni Doshi, Maaza Mengiste, Brandon Taylor, Diane Cook සහ Douglas Stuart

  • Diane Cook – The New Wilderness
  • Tsitsi Dangarembga – This Mournable Body
  • Avni Doshi – Burnt Sugar
  • Maaza Mengiste -The Shadow King
  • Brandon Taylor – Real Life

 “වඩාත් ශ්‍රේෂ්ඨතම ත්‍යාගය කියවන්නන් ගේ ජීවිත ස්පර්ශ කිරීමට” ඇති හැකියාව‘‘ යැයි ද ඔහු පවසයි.


බයිඩන්ගේ පදවි ප්‍රාප්තියේ දී ලේඩි ගාගා ඇමරිකානු ජාතික ගීය ගායනා කළ මොහොත! (VIDEO)

උන්මත්තකයකුට රටක් පාලනය කළ හැකිද? පෝල් මකාර්ට්නිත් මා සමඟ එකඟයි!

The Crown – දෙවන එලිසබෙත් රැජිණ බලයට පත් වෙයි

පරිසර විනාශය ට එරෙහි වූ 90 දශකයේ ඕෂන් ගර්ල් වැනි ළමා කතා යලි විකාශය විය යුතුයි

බොරිස් ජොන්සන් පතුරු ගැසූ ගීතය බීබීසී ගීත දර්ශකයේ පස්වන ස්ථානයේ!

Evermore: ඇහුවාද ටේලර් ස්විෆ්ට් ගේ අලුත්ම ගීත ඇල්බමය?

The Crown: Wolferton Splash හෙවත් මංගල කථාංගය

සෙනගාලයේ Dakar Fashion Week: බයෝබාබ් කැලයක් මැද බළලාලිත ගමනක්

error: Content is protected !!
error: Content is protected !!