×

ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේදී තෙරපීම හේතුවෙන් 40 දෙනෙකු මිය යයි

මෙවන තෙක් පළාත් පාලන ආයතන වලින් තුවාල ලැබූවන් පිළිබඳ නිල නිවේදනයක්වත් නිකුත්කර නොමැත.


සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේදී වඩාත් ශුභ දිනයක් වශයෙන් සලකුණු අද(29)දින උතුරු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගංගා සහ යමුනා ගංගාවල පූජනීය සන්ධිස්ථානයන්හි දිය නෑමට පැමිණි මිලියන සංඛ්‍යාත ජනතාවක් එක්රොක් වීම නිසා ඇතිවූ තදබදය හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මොදී ඉතා කණගාටුදායක සිදුවීමක් බව සඳහන් කර තිබු අතර මෙවන තෙක් පළාත් පාලන ආයතන වලින් තුවාල ලැබූවන් පිළිබඳ නිල නිවේදනයක්වත් නිකුත්කර නොමැත.

උත්තර් ප්‍රදේශ්හි ප්‍රයග්‍රාජ් හි දින 45ක් පුරා පැවැත්වෙන මෙම වසරේ කුම්භමේලා උත්සව සඳහා එහි ඉතිහාසයේ විශාලතම ජනකාය වන මිලියන 400 කට අධික ජනතාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අභ්‍යවකාශයට පවා දිස්වන මෙම හින්දු උත්සවය පෙබරවාරි 26 වන දින අවසන් වන අතර සංවිධානය වන යුනෙස්කෝ විසින් මානව වර්ගයාගේ උරුමයක් ලෙස පිළිගෙන ඇත. එහි මූලාරම්භය මුල් බැස ඇත්තේ සාගර කැළඹීමේදී මතු වූ අමෘත කුම්භයක් (කුඹයක්) අරභයා දෙවිවරුන් සහ යක්ෂයන් අතර ඇති වූ සටනක් පිළිබඳ පුරාවෘත්තයකිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි