×

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ පිරිස් ගම්මානවලට පැන කාන්තාවන් හා ළමුන් විශාල පිරිසක් පැහැර ගනියි

2014 සිට අවම වශයෙන් ළමුන් 1,400 ක් පැහැරගෙන ගොස් ඇත.


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග නයිජීරියාවේ ආයුධ වලින් සන්නද්ධ පිරිස් Zamfara ප්‍රාන්තයේ Kafin Dawa ගම්මානයේ විවාහක කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඇතුළු කාන්තාවන් 50කට අධික සංඛ්‍යාවක් හා ළමුන් විශාල පිරිසක් පැහැරගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ප්‍රහාරක රයිෆල් රැගෙන මිනිසුන් ගෙයින් ගෙට ගොස් මිනිසුන් පැහැරගෙන යන බව නිවැසියන් වාර්තා කළ බවයි.

දරිද්‍රතාවය, විරැකියාව සහ නීති විරෝධී ගිනි අවි ව්‍යාප්තිය හේතුවෙන් වයඹදිග නයිජීරියාවේ කොල්ලකරුවන් ලෙස හඳුන්වන සන්නද්ධ මිනිසුන් විසින් කප්පම් ගැනීම සඳහා පැහැර ගැනීම බහුලව දක්නට ලැබෙන අතර 2014 සිට අවම වශයෙන් ළමුන් 1,400 ක් පැහැරගෙන ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි