×

ඉරාකයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වලදී සිය ගණනක් මරා දමලා

.


ඉරාකයේ රාජ්‍ය විරෝධී කැරළි හේතුවෙන් පුද්ගලයින් අධික සංඛාවක් මිය ගෙගාස් ඇති බව මානව හිමිකම් සංවිධෘන පෙන්වා දෙයි. පහරදීම් නිසා තුවාල ලැබූවන් සංඛ්‍යාව 2000කට අධිකය.


රාජ්‍ය දූෂණ සහ අක්‍රමිකතා, විරැකියාව,රාජ්‍යසේවා අසාර්ථක වීම, ආදී හේතූන් පදනම් කරගනිමින් පැවිත්වූ විරෝධතා රැළියකට සති තුනකට පෙර පරවති විරෝධතා රැළීයේදී   පුද්ගලයින් 150කට අධික සංඛ්‍යාවක් රජයේ ආරකද්ෂක අංශවල මර්ධනයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත් විය.


ඊට සත් තුනකට පස් නැවතත් පසුගියදා ආරම්භ වූ විරෝධතා හේතුවෙන් පුද්ලයින් 30 දෙනෙකු මරා දමා ඇති බව මානව හිමිකම් සංවිධාන අනාවරණය කරයි. එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 2000කට අධිකය.
මෙම උද්ඝෝෂණ සහ විරෝධතා සමග වසර දෙකකට අධික කාලයක් තිස්සේ එක්සත් ජනපද අතපෙවීම් සහ අයි එස් එස් සන්නද්ධ කණ්ඩායම් වල බලපෑම් වලින් වියුක්තව ඉරාකයේ පැවති ස්ථාවරත්වය බිඳ දමා ඇත.

එරට බොහෝ දෙනොගේ මතය වී ඇත්තේ රටේ දේශපාලන නායකයින් එක්සත් ජනපදයේ හෝ ඉරානයේ අතකොළු වී ඇති බවයි. ඒ අනුව ඔවුන් රටේ ජනතාවගේ දුක් ගැනවිලි වලට සවන් දෙනවා වෙනුවය කලාපීය බලපෑම් කෙරෙහි වැඩි සැළකිල්ලක් දක්වන බව බහුතර ජනතාවගේ මතයයි.

ලෝකයේ පස්වන විශාලතම තෙල් සංචිතයේ හිමිකාරිත්වය දැරුවද ඉරාකයේ මිලියන 40ක් වන ජනගහනයෙන් පහෙන් තුනකට ආසන්න සංඛ්‍යාවකගේ දෛනික ආදායම ඩොලර් 6කට වඩා අඩු බව ලෝක බැංකු සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙයි.

එමෙන්ම තරුණ පරපුර අතර විරැකියාව ප්‍රධානතම ගැටළූවකි. මිලියන ගණනක ජනතාවකට සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ජලය හා විදුලි බලය ආදී පහසුකම් සදහා ළගා වීමේ දුෂ්කරතාවද ඉහළ යමින් පැවතීම රා තුළ ගැටළූ ඉස්මතු කිරීමට හේතු වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි