×

ලිබියාවේ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් 40ක් ජීවිතක්ෂයට

තවත් 80ක පිරිසක් තුවාල ලබා ඇත.


ලිබියාවේ සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානයකට ඊයේ රාත්‍රියේ ගුවනින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව වාර්ථා වේ.

තවත් 80ක පිරිසක් තුවාල ලබා ඇත. මෙසේ මිය ගිය පිරිසගෙන් වැඩි පිරිසක් අප්‍රිකානු සංක්‍රමණිකයන් වේ. මෑත කාලයේ ලිබියාව යුරෝපය බලා යන සංක්‍රමණකයන්ගේ ප්‍රධාන නවාතැන්පලක් බවට පත් විය. 2011 වසරේ ලිබියානු හිටපු නායක මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු ලිබියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලභ වූ අතර රටේ ආරක්ෂාවද ක්‍රමයෙන් අඩු වී ගියේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලිකව පිහිට වූ රජයේ අගමැති ෆායෙස් අල් සේරා මෙම ප්‍රහාරයන්ගේ වගකීම සිවයං පාලන ලිබියානු ජාතික හමුදාව විසින් භාර ගත යුතු බවට චෝදනා කරයි. නමුත් ලිබියාන් ජාතික හමුදාවේ ප්‍රකාශකයෙකු රොයිටර් සේවය වෙත පවසා ඇතිතේ තමන් මෙම වගකීම බාර නොගන්නා බවයි.

දහස් ගණනින් සංක්‍රමණිකයන් යුරෝපය කරා සංක්‍රමණය වීමට උත්සහා දරන අතර තුර ලිබියානු රජය විසින් පාලනය කරන මෙම රැදවුම් මධ්‍යසථානයේ රදවනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි