×

ට්‍රිපොලි හී බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 28 ක් ජීවිතක්ෂයට

.


ලිබියාවේ අගනගරය ට්‍රපෝලි හී හමුදා අධ්‍යාපන මධ්‍යස්ථානයක සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්ථා වේ. ජාත්‍යන්තරව පිළිගත් ජාතික ගිවිසුමක් මගින් බිහි කළ රජයක් (ජීඑන්ඒ) යටතේ පාලනය යටතේ පවතින ට්‍රිපෝලි පසු ගිය අප්‍රේල් මස ෆීල්ඩ් මාර්ෂල් කලීෆා හෆ්තාර් විසින් පාලනය වන වන ලිබියානු ජාතික හමුදා පාලනයේ ප්‍රචන්ඩත්වයන්ට මුහුණ දෙමින් සිටී,

පසු ගිය සති කිහිපය පුරා ට්‍රිපෝලි නගරව ගුවන් සහ ෂේල් වෙඩි ප්‍රහාර හේතුවෙන් පීඩා විදිමින් සිටින අතර එම ප්‍රහාරයන් හේතුවෙන් පසුගිය දෙසැම්බර් මස සිට මේ වන තෙක් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 11කි. මෙම බෝම්බ ප්‍රමාරය පිළිබදව අදහස් දක්වන ට්‍රිපෝලි පාලනය ප්‍රහාරයේ වගකීම හමුදා රජය වෙත පැටවුවද ඔවුන් පවසන්නේ තමන් මෙම වගකීම නොගන්නා බවයි.

රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ප්‍රහාරය නිසා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මේ වන විටත් ඉහළ යමින් පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් පසුගිය සිකුරාදා ලිබියාව සදහා සටන් විරාමයක් යෝජනා කර සිටි අතර යුද්ධ කරන පාර්ශ්වයන්ට විදේශ ආධාර ලබා දීම “පවත්නා ගැටුම ගැඹුරු කිරීම පමණක් නොව සාමකාමී හා පුළුල් දේශපාලන විසඳුමක් කරා ළඟා වීමට දරන උත්සාහයන් තවදුරටත් සංකීර්ණ කරනු ඇති බවට අනතුරු ඇඟවීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි