×

සොලෙයිමානිට අවසන් ‌ගෞරව දැක්වීමට පැමිණ මිය ගිය පිරිස 40 ‌‌දක්වා ඉහළට

.


ඇමරිකා ඒක්සත් ජනපදය විසින් ඒල්ල කළ ගුවන් ප්‍රහාරයක් මගින් ඝාතනය කළ ඉරාන ඉහළ ආරක්ෂක නිළධාරියෙකු වන ක්වොසොම් සොලෙයිමානි ගේ අවසන් කටයුතු අද ඉරානයේ කර්මන් නුවරදී  සිදු කරන ලද්දේ අති විශාල ජනකායකයේ සහභාගීත්වයෙනි. ඒ් සඳහා සහභාගී වූ  පිරිස අතරේ ඇති වූ තද බදය හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.‍

මේ අතර තවත් 213 ක් තුවාල ලබා ඇති බව වාර්ථා වේ. සොලෙයිමානිගේ දේහය රැගත් පෙරහැර සඳහා සහභාගී වූ පිරිස් තදබදය හේතුවෙන් වැටී තවත් පුද්ගලයන්ට පෑගීම නිසා අනතුරු විශාල ලෙස සිදුව ඇත. සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන වලින් දැකිය හැක්කේ බිම ඇද වැටුණූ පිරිස් උදවු ඉල්ලමින් හඩන අතර තවත් පිරිස ඔවුන්ට උදවු කිරීමට උත්සහා කළද ඒය අසාර්ථක වන අයුරුය.

Dozens killed in stampede at Soleimani's funeral සඳහා පින්තුර ප්‍රතිඵල



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි