×

කොරෝනාවෙන් ගැලවීමට මාස්ක් ඕනැමදැයි ඇසූ කොරෝනා පිළිබ​ද ට්‍රම්ප්​ගේ විශේෂ උපදේශක ඉල්ලා අස්වෙ​යි

වෛද්‍ය ඇන්තනි ෆවුසි සහ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) වැනි මහජන සෞඛ්‍ය විශේෂඥයින් වෛද්‍ය ඇට්ලස් විසින් ජනාධිපති ට්‍රම්ප්ට වෛරසය පැතිරීම පිළිබඳ ව්‍යාජ හා නොමඟ යවන තොරතුරු ලබා දී ඇති බවට චෝදනා එල්ලවී තිබු​ණි.


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොරෝනා වෛරසය පිළිබඳ විශේෂ උපදේශක ස්කොට් ඇට්ලස් ඉල්ලා අස්වී තිබේ.

ඇමරිකානු ජනතාවට සේවය කිරීමේ ගෞරවය වෙනුවෙන් ට්‍රම්ප්ට ස්තූතිය පුද කළ වෛ​ද්‍ය ඇට්ලස්, ඔහු “සෑම විටම කිසිදු දේශපාලන සැලකිල්ලක් හෝ බලපෑමක් නොමැතිව නවතම විද්‍යාව හා සාක්ෂි මත විශ්වාසය තැබූ” අයෙකු බව පැවසීය.

වසංගතය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ සහ වෙනත් ක්‍රියාමාර්ග අවශ්‍යද යන්න පිළිබදව වෛද්‍ය ඇට්ලස් සිය මාස හතරක ධූර කාලය තුළ ප්‍රශ්න කළේය. ඔහු කොරොනා වෛරස් කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයන් සමඟ නැවත නැවතත් ගැටුම් ඇති කරගත් අයකු ලෙසද ප්‍රකටය.

විකිරණවේදියෙකු සහ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කොන්සර්වේටිව් හූවර් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ඇට්ලස් අගෝස්තු මාසයේදී කාර්ය සාධක බලකායට සම්බන්ධ විය.
මුඛ ආවරණ වල ඇති ප්‍රයෝජන ගැන ප්‍රශ්න කිරීම මෙන්ම ඔහු රටවල් හා ප්‍රාන්ත ලොක් ඩවුන් කිරීම් වලට විරුද්ධව අදහස් දැක් වූ අයෙකි.

වෛද්‍ය ඇන්තනි ෆවුසි සහ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) වැනි මහජන සෞඛ්‍ය විශේෂඥයින් වෛද්‍ය ඇට්ලස් විසින් ජනාධිපති ට්‍රම්ප්ට වෛරසය පැතිරීම පිළිබඳ ව්‍යාජ හා නොමඟ යවන තොරතුරු ලබා දී ඇති බවට චෝදනාද එල්ලවී තිබු​ණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි