×

“ඩ්‍රෙකෝ මැල්ෆෝයි” හැරී පොටර් සමඟ නැවතත් කරළියට පැමිණේ ද?

'හැරී පොටර්' චිත්‍රපටයක් සඳහා නැවත පැමිණෙන ලෙස ආරාධනා කර සිටියහොත් සියල්ල සූදානමින්


“හැරී පොටර් (Harry Potter)” ලොකු කුඩා රසික හඳවත් මුසපත් කරලූ මායා පාසලක් වටා ගෙතුණු කතා මාලාවෙහි ප්‍රධාන භූමිකාව වන්නේ හැරී පොටර් ය. ඔහු සමඟ පාසල තුළ දී සිටි මිතුරන් ලෙස රොන් වීස්ලි සහ හර්මයිනි ග්‍රේන්ජර් ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනිති. එමෙන්ම මායා පාසල තුළ උසුළු විසුළු කරමින් හැරී සමඟ ප්‍රතිවාදී ලීලාවෙන් සිටි ඔහු ඩ්‍රෙකෝ මැල්ෆෝයි වන අතර හැරී පොටර් චිත්‍රපට මාලාවේ ඩ්‍රෙකෝ ගේ චරිතය නියෝජනය කරන්නේ “ටොම් ෆෙල්ටන් (Tom Felton)” ය.

ඡායාරූප: Yahoo!sports
ඡායාරූප: teen vogue

වර්තමානයේ දී 35 වන විය පසු කරන මොහු හැරී පොටර් සමඟ නැවත සම්බන්ධ වීමට යන බවට ආරංචියක් මතුව ඇත. ටොම් ෆෙල්ටන් තවත් ‘හැරී පොටර්’ චිත්‍රපටයක් සඳහා නැවත පැමිණෙන ලෙස ආරාධනා කර සිටියහොත් සියල්ල සූදානමින් බව මෙහිදී තවදුරටත් දැනගත හැකි විය.

ඡායාරූප: koimoi

ඔහු ඔහුගේ රංඟනය පිළිබඳවද මනාව මාධ්‍ය සාකච්ඡාවකදී ද අදහස් දක්වා තිබුණි. ඔහු මෙහි දී ඔහුගේ කුඩා කළ සිට හැරී පොටර් සමඟ මෙන්ම කැමරා කාචය සමඟ ගනුදෙනු කළ ආකාරය පිළිබඳව සහ හර්මයිනි ගේ චරිතය නිරූපණය කළ සම නිළි එමා වොට්සන් (Emma Watson) සමඟ ද පවතින සමීප සම්බන්ධතාව ගැනද කරුණු දක්වා සිටියේය.

ඡායාරූප:radio times



නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි