×

කොංගෝ හි ඉබෝලා වසංගතය පිළිබඳ රජයේ ක්‍රියාකලාපයට විරෝධය පාමින් සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කොංගෝ ජනපති එරට පවතින ඉබෝලා වසංගතය මර්දනය කිරීම පිළිබඳ කලමනාකරණ පද්ධතිය තමා අතට ගැනීමට විරෝධය පාමින් එරට සෞඛ්‍ය ඇමති ඔලි ඉලුන්ගා ධූරයෙන් ඉල්ලා අස්වේ.


කොංගෝ රාජ්‍යයේ සෞඛ්‍ය ඇමති ඔලි ඉලුන්ගා පසුගිය සඳු දින (22) තම ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වාර්තා වේ.

මෙයට හේතුව වශයෙන් සැලකෙන්නේ මේ දිනවල එරට පවතින ඉබෝලා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ තමා තුළ ඇති නොසතුට බව වාර්තා වේ.  

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනපති ෆීලික්ස් ත්ෂිසෙකෙදි එරට පවතින ඉබෝලා වසංගතය මර්දනය කිරීම පිළිබඳ කලමනාකරණ පද්ධතිය තමා අතට ගැනීමට විරෝධය පෑමක් ලෙස සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ඉලුන්ගා තීරණය කර ඇති බව පැවසේ. 

“ඉබෝලා වසංගතය කලමනාකරණය කිරීම පිළිබඳ තම සෘජු මැදිහත්වීම ජනාධිපති ලබා ගත් හෙයින්, මම මාගේ සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම මෙසේ සනිටුහන් කරමි,” ඉලුන්ගා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.

වසර දෙකකට ආසන්න කාලයක් පුරා නැගෙනහිර නැගෙනහිර කොංගෝවේ බවතින ඉබෝලා වසංගතය සෘජුවම අධීක්ෂණය කරන බව එරට ජනපති ත්ෂිසෙකෙදි සෙනසුරාදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් වසර දෙකක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යධුරයේ සිටි ඉලුන්ගා ඉල්ලා අස්වීම සිදුකරන ලදී.

මේ වන විට කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතයෙන් මියගිය ප්‍රමාණය 1600 ඉක්මවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි