×

කුරානයේ දේව උද්‍යානය ඩුබායි හිදී විවෘත වේ!

ශුද්ධ වූ කුරානයේ සඳහන් දේව උද්‍යානය, එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යයේ ඩුබායි නුවරදී මහත් උත්සවාකාරයෙන් විවෘත කර තිබේ.


එහි අරමුණ වන්නේ නරඹන්නන් හට ඉස්ලාමීය ඉතිහාසය සහ ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ ත්‍රිමාන තාක්ෂණය (3D) ද යොදාගෙන සජීවී අත්දැකීමක් ලබාදීමයි.

eZhire Blog

මෙම උද්‍යානය ‘කුරානික් පාක්‘, වැනි විවිධ නම්වලින් හැඳින්වේ. එය හෙක්ටයාර 64 කින් සමන්විත ය.

ශුද්ධ වූ කුරානයේ සඳහන් වන උයන් දුසිමක් සහ කුරානයේ කතාන්දර මෙහිදී ප්‍රතිනිර්මාණය වී ඇත.

What's On Dubai
What’s On Dubai

ඒ වන උයන් සැදී ඇත්තේ මිදි, නුග, දෙළුම් සහ ඔලිව් ඵල පිරුණු තුරු වලිනි. කුරානයේ සඳහන් වන ආකාරයට ඒවායේ සෞඛ්‍යමය ප්‍රතිලාභ ඉස්මතු වන ආකාරයේ විවිධ අධ්‍යාපනික පුවරු ද ඒවා අසල ප්‍රදර්ශනය කර ඇත. අරාබි සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම එහි විස්තර ප්‍රදර්ශනය කර තිබේ.

රතු මුහුද බෙදා වෙන් කිරීම සහ හාස්කම් ගුහාව (Cave of Miracles) මෙහිදී ප්‍රතිනිර්මාණය කර තිබේ. එම ගුහාව තුළදී ප්‍රාතිහාර්යයන් සජීවීකරණය කර තිබෙන්නේ ත්‍රිමාන සජීවීකරණ තාක්ෂණය යොදාගනිමිනි. මැටියෙන් කළ පක්ෂියෙකු ඉගිලෙන අයුරු ද මේ අනුව එහිදී දැකගත හැකිය. එසේම කුරානයේ සඳහන් වන සියලුම පැළෑටි වර්ග මෙම උද්‍යානය තුළ වවා තිබේ.

රතු මුහුද බෙදා වෙන් කිරීීම ප්‍රතිනිර්මාණය කර ඇති අයුරු| What’s On Dubai
Arabian Business
ප්‍රාතිහාර්ය ගුහාව | Arabian Business
thenational.ae
ඔලිව් ගස් සිටවූ අයුරු| thenational.ae
What's On Dubai
ග්ලාස් හවුස්| What’s On Dubai

පළමු සතියේ පමණක් එය නැරඹීමට ලක්ෂයකට අධික පිරිසක් පැමිණ තිබේ. එසේ පැමිණෙන පිරිස් අතර ඉස්ලාම් ආගමිකයන් මෙන්ම ඉස්ලාමීය නොවන ආගමිකයන් ද සිටින බව සඳහන් ය.

ලෝකයේ ධනවත්ම නගරයක් වන ඩුබායි, ලොව උසම කුලුන වන බර්ජ් කලීෆා, පාම් අත්තක් සිහිගන්වන සුප්‍රසිද්ධ කෘත්‍රිම දුපත් සමූහය – පාම් අයිලන්ඩ් ඇතුළු ගෘහ නිර්මාණ විස්මිතයන් සඳහා ලෝක ප්‍රසිද්ධ ය. ඔවුන්ගේ ගෘහ නිර්මාණ සඳහා අතිශය නවීන හෙවත් ‘අල්ට්‍රා මොඩන්‘ තාක්ෂණය යොදාගනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි