×

කෝන්වෝල් හි ආදිපාදවරිය කැමිලාටත් කොවිඩ්

බ්‍රිතාන්‍යයේ කෝන්වෝල් ආදිපාදවරිය වන කැමිලා මහත්මියට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වේ.


ඇගේ ස්වාමියා වන වේල්සයේ කුමරු චාර්ල්ස්ට ඉකුත් බ්‍රහස්පතින්දා දින දෙවන වරටත් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර, එම කාලය තුළ ඇගේ කොවිඩ් තත්ත්වය සෘණ බවට වාර්තා වී තිබිණි.

74 හැවිරිදි කැමිලා ආදිපාදවරිය රජයේ කොවිඩ් මාර්ගෝපදේශ අනුව කටයුතු කරනු ඇති බව ද රාජකීය ක්ලැරන්ස් නිවස විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්.

මෙසේ කැමිලා ආදිපාදවරිය කොවිඩ් ආසාදනයට ලක්ව තිබෙන්නේ පළමු වරට ය. මීට ඉහත අවස්ථාවක දී ද චාර්ල්ස් කුමරු ට වෛරසය ආසාදනය වී තිබිණි.

දෙපළ බ්‍රිතාන්‍යයේ මහ රැජිණ ද හමුවී ඇති බවට වාර්තා වේ. එහෙත් එලිසබෙත් රැජිණ ට වෛරසය ආසාදනය වී ඇති ද යන්න බකිංහැම් මාලිගාව මෙතෙක් දැනුම් දීමක් සිදුකර නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි