×

දේශගුණික විපර්යාසයේ මීළඟ ගොදුර තාරා හොට ප්ලැටිපස් ද?

තාරාහොට ප්ලැටිපස් ලෝකයේ බිත්තර දමන ක්ෂීරපායීන් වර්ග 5 අතරින් එක් වර්ගයකි. ඕස්ට්‍රේලියාව සහ නිවුගිනි හී ආවේණික සතුන් විශේෂයක් වන මොවුන් වසර කිහිපයකින් මේ ලෝකයෙන් සමුගැනීමට නියමිතව සිටී.


 

ඕස්ට්‍රේලියාවට ආවේණික ප්ලැටිපස් සත්වයින්  එහි  නිරූපිත සංකේතයකි. ඕස්ට්‍රේලියානු  ශත 20  කාසියෙහි පිටුපස ඇති ජාතික  සඛේත වලින් එකක් ලෙස ප්ලැටිපස් ගේ මුහුණ  ඇතුල් කර ඇත.එමෙන්ම  ප්ලැටිපස් යනු නිව් සවුත් වේල්ස්  ප්‍රාන්තයේ සත්ව සංකේතයයි. විසිවන සියවසේ මුල් භාගය වන තෙක් එරට මිනිසුන්  ලොම් ලබා ගැනීමේ අරමුණින් ප්ලැටිපස් සතුන් දඩයම් කළහ. නමුත් අද වන විට ඔවුන්ට ඇති වී ඛේදණීය ඉරණමෙන් ඔවුන් මුදවා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවී ඇත.

Scientists are calling for greater protection for the duck-billed platypus which lives in eastern Australia's rivers

දේශගුණික විපර්යාසයන් ගේ බලපෑම් හේතුවෙන් සහ දීර්ඝකාලීන නියගය හේතුවෙන් ඕස්ට්‍රේලියවේ වඩාත් සුවිශේෂී සත්ව විශේෂයක වන  ප්ලැටිපස්  හෙවත්ස තාරාහොට ප්ලැටිපස් සතුන්  සීග්‍රයෙන් වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති බව ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසදක් විසින් ඊයේ උදෑසන නිකුත් කළ පර්යේෂණ වාර්ථාවක් මගින් අනාවරණය කෙරිණ.

නියඟය, ඉඩම් නිරවුල් කිරීම, දූෂණය සහ වේලි ඉදිකිරීම විශේෂයෙන්ම ෆියුරි ගංගාව ආශ්‍රිත ක්ෂීරපායින් සියයට 40%කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් පෙර පැවති තත්ත්වයට වඩා අඩු වී ඇති බව මෙම පර්යේෂණය පෙන්වා දෙයි.

Image result for duck-billed platypus

නිව් සවුත්වේෙල්ස් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් පවසන්නේ වර්තමාන තර්ජන දිගටම පැවතුනහොත් ඉදිරි වසර 50 තුළ ප්ලැටිපස් සංඛ්‍යාව තවත් සියයට 47-66 දක්වා පහත වැටෙනු ඇති බවයි.

සීග්‍රයෙන් ඉහළ යන දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රක්ෂේපනයන් සැලකිල්ලට ගන්නේ නම්, බිත්තර දැමීමේ ක්ෂීරපායීන්ගේ සංඛ්‍යාව 2070 වන විට සියයට 73 දක්වා පහත වැටෙනු ඇතැයි ඔවුහු සඳහන් කරයි.

“මෙම අන්තරායන් මගින් ප්ලැටිපස් සත්වයින් වඩාත් දරුණු ලෙස දේශීය වශයෙන් වඳ වී යාමකට නිරාවරණය වන අතර ඔවුන් නැවත ජනනය කිරීමට හැකියාවක් නැති බවට” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ගිලාඩ් බිනෝ පවසයි.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (අයි.යූ.සී.එන්) විසින් තාරා හොට ප්ලැටිපස් දැනටමත් “තර්ජනයට ආසන්න” ලෙස ලැයිස්තුගත කර ඇත.

“මෙම අවධානම මගින් ප්ලැටිපස් ඕස්ට්‍රේලියාව තුළ විශේෂයෙන් වඩාත් දරුණු දේශීය වඳ වී යාමකට නිරාවරණය වන අතර ඔවුන් නැවත ජනනය කිරීමට හැකියාවක් නැත” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ගිලාඩ් බිනෝ ප්ලැටිපස් සතුන්ට පවතින අවධානම පිළිබද ඒසේ පැවසීය.

මෙම සත්ව වර්ගය “අවදානමට ලක්විය හැකි” තත්වයට පහත දැමිය යුතු සත්ව කොට්ඨාශයක්ද යන්න තීරණය කිරීම සඳහා ජාතික අවදානම් තක්සේරුවක් සඳහා “හදිසි අවශ්‍යතාවයක්” දැන් පවතින බවත්, “වඳවීමේ අවදානම අවම කිරීම” සඳහා සංරක්ෂණ පියවරයන් ගත යුතු බවත් අධ්‍යයනය මගින් පෙන්වා දෙයි.

මීට ශතවර්ෂ දෙකකට පෙර ඔස්ට්‍රේලියාව ජනාවාස වීමෙන් පසු ලෝකයේ මුළු තාරා හොට ප්ලැටිපස් ජනගහනය සියයට 50 කින් පහත වැටී ඇති බව සමීක්ෂණය ඇස්තමේන්තු කර ඇත.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි